ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රත්නපුර මහා රෝහලට අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් විවෘත වෙයි Featured

    ඔක්තෝබර් 26, 2015

    සබරගමුව පළාතේ රත්නපුර පළාත් මහ රෝහලේ රුපියල් මිලියන 798 ක රජයේ මුල්‍ය ප‍්‍රතිපාදන යටතේ ඉදිකරන ලද අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ඒකකය පසුගියදා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය.

    2010 වර්ෂයේ ජනවාරි මස 04 දින මෙම අනතුරු හා හදිසි ප‍්‍රතිකාර ගොඩනැගිල්ලට මුල්ගල තැබු බවත් පසුගිය කාලයේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අඩාලවීමකට ලක්ව තිබුණු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එම අවස්ථාවේ රුපියල් ලක්ෂ 700 ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර යළි මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බව ඒ මහතා සඳහන් කළේය.

     

    මෙම වැනි ප්‍රතිකාර ඒකක සෑම දිස්ත්‍රික්කයක් සඳහා ම ඉදිකිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ඩබි.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා, විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ එස්.පී.එල්. රණවීර මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya