ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ළමා සුරක්ෂිතතා සතියක් නොවැම්බර් 02 දා සිට Featured

    ඔක්තෝබර් 27, 2015

    ළමා සුරක්ෂිතතා සතියක් නොවැම්බර් 02 වැනි දා සිට 09 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    "සොදූරු ළමා ලොවක්- සුරක්ෂිත හෙටක්" තේමාව යටතේ මෙම ළමා සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මක වේ.

    ළමයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම දෙමාපියන්ගේ, පාසල් ප්‍රධානීන්ගේ මෙන් ම වැඩිහිටි සියලු දෙනාගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙහිදී ළමා අයෝජනය, අපචාර හා දරුවන් හිංසනයට ලක් වීම පිළිබඳ අවධානය යොමු කර සෑම ශ්‍රේණියකම සිසුන් දැනුවත් කිරීම සිදු වේ.

    සෑම පාසලක දරවන්ගේ සුරක්ෂිතාව පිළිබඳ අවශ්‍ය උදෙස් ලබාදීම උපදේශනය සම්බන්ධ ගුරවරයෙකු යෙදීමට කටයුතු කෙරේ.

    ළමා සුරක්ෂිත වැඩසටහන් සැලසුම් කිරීම, ළමා සුරක්ෂිත කමිටු පත් කිරීම, පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ක්‍රමවේදයන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම, වීදි නාට්‍ය පෝස්ටර් වැනි විවිධ ක්‍රම මඟින් ප්‍රජාව දැනුවත් කිරීම, පාසල අවර ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කර ගනිමින් ජ්‍රජාව දැනුවත් කිරීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමතාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya