ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීමේ නීති උපදෙස් ගැනීම අද Featured

    නොවැම්බර් 11, 2015

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද (11) අදාළ රජයේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දීමට නියමිත බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116ට නඩු පවරා ඇති බවත් එසේම 52ට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර ඉන් 10ක් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවත් එහි දක්වා තිබේ.

    මෙම සැකකරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිතුමා, අගමැතිතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

    අදාළ සැකකරුවන්ගේ නීතිඥ මහත්වරුන් විසින් ඇප අයදුම්පත් අදාළ අධිකරණවලට යොමු කිරීමෙන් අනතුරුව අදාළ අයදුම්පත් එම අධිකරණ මගින් සලකා බලනු ඇත.

    මීළඟ අදියරේදී තවත් රැඳවියන් 32ක් ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමට අදහස් කෙරේ.

    සෙසු රැඳවියන් සම්බන්ධයෙන් ද පවත්නා නඩු කටයුතු අධ්‍යයන කර ඔවුන්ට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට පියවර ගැනීමට රජය අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya