ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2016 පාසල් වාර කාලසටහන නිකුත් කෙරේ

    නොවැම්බර් 11, 2015

    2016 වර්ෂයේ පාසල් වාර කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

    ඒ අනුව 2016 ජනවාරී මස 4 වැනි දා සිට අප්‍රේල් 08 වැනි දා දක්වා පළමු පාසල් වාරය සිංහල හා දෙමළ පාසල් සඳහා ක්‍රියාත්මක වේ.එසේම දෙවන පාසල් වාරය අප්‍රේල් 25 වැනි දා ආරම්භ වන අතර ජුලි මස 29 වන දින දක්වා පැවැත් වේ.

     

    තෙවන පාසල් වාරය අගෝස්තු මස 31 සිට දෙසැම්බර් මස 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වේ.

     

    මුස්ලිම් පාසල් සඳහා 2016 වර්ෂයේ පාසල් වාර ක්‍රියාත්මක වීම පහත සඳහන පරිදි වේ.

     

    පළමු පාසල් වාරය 2016 ජනවාරී මස 04 වැනි දා සිට අප්‍රේල් 11 වැනි දා දක්වා පැවැත් වේ.

     

    මෙහි දෙවන පාසල් වාරය අදියර දෙකකින් සමන්විත වන අතර අප්‍රේල් මස 18 වැනි දා සිට ජුනි මස 03 වැනි දා දක්වා ද මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය පැවැත් වේ. මෙහිදී රාමසාන් උපවාසය සඳහා 2016.06.06 සිට 2016.07.06 දක්වා මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දී ඇත. නැවත ජුලි මස 07 වැනිදා සිට අගෝස්තු 12 වැනි දා දක්වා දෙවන අදියර යටතේ මෙම පාසල් පැවැත් වේ.

     

    මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය අගොස්තු මස 22 සිට දෙසැම්බර් 02 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya