ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලෝක දියවැඩියා දිනය අදයි Featured

    නොවැම්බර් 14, 2015

    ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී ඇත. ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ දැවැනත්ත පා ගමනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළ නිදහස් චතුරස්‍රය අසලින් අද පෙරවරු 7.00ට ආරම්භ වේ.

    මෙම පා ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීම සිදු වන අතර මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

    මහනුවර, ගාල්ල සහ මඩකළපුව හා කුරුණෑගල යන නගරවල ද මීට සමගාමීව පාගමන් පැවැත්වීමට නියමිතයි.

    පාගමනින් පසුව ඊට සමගාමීව ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණ පැවැත්වෙන වෙන අතර බෝනොවන රෝග හේතුවෙන් 65%ක් වර්ෂයකට මිය යන බවට වාර්තා වී තිබේ.එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙන්නේ 71%ක් හා 75%ක් බෝනොවන රොගීන් සිටින බවයි.

    "දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්“ තේමාව යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

    මෙදින බණ්ඩානායක ප්‍රදර්ශන භූමිය තුළ වෛද්‍ය සායන ද නොමිලේ පැවැත්වේ. දියවැඩියා හා හෝමෝන වෛද්‍ය සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

    ලෝක දියවැඩියා දිනය යනු දියවැඩියා රෝගය ගැන දැනුවත් කිරීම ගෝලීය වශයෙන් සිදුකරන දිනයකි. මෙය සෑම වර්ෂයකම නොවැම්බර් මස 14 වන දිනට දී ඇත. මෙම දිනය 1991 දී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහල යන දියවැඩියා රෝගීන් ප්‍රමාණය සලකා ප්‍රකාශයට පත් කර තිබේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya