ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    පැරීස් නුවර ප්‍ර‍හාරයෙන් ශ්‍රී ලංකිකයින්ගේ අනතුරු වාර්තා වී නැහැ- විදේශ අමාත්‍යාංශය

    නොවැම්බර් 14, 2015

    ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අනතුරට පත් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරක් නැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍ර‍කාශිකා මහේෂිණී කොලොන්නේ මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (14) පැවසුවාය.


    පැරීස්වල සිටින ශ්‍රී ලාංකිකයින්ට කතා කිරීම සඳහා ටුව්ට්ටර් හරහා දූරකතන අංක දෙකක් ලබා දී තිබෙන බවත් පැරීසියේ හදිසි නීතිය පනවා තිබෙන අතර කිසිදු අයෙකුට නිවෙස්වලින් පිටට නොයන ලෙස ද දන්වා තිබෙන බව ඇය සඳහන් කළාය.

    මෙම දූරකතන අංක පැරීස්වල සිටින ශ්‍රී ලාංකකයන්ට කතා කිරීම සඳහා පමණක් බව ද ඇය සඳහන් කළාය. එනම් +33620505232 සහ +33677048177 යන අංකයන් ඔස්සේ තොරතුරු ලබා දිය හැකිය.

    එසේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රංශයේ රජයේ අදාළ නිලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවත් මේ වන විට අනතුරු පත්වූවන්ගේ සහන සේවා ක්‍රියාත්මක කර තිබෙන අතර එම අනතුරට පත් විදේශිකයින් වශයෙන් වෙන් කර තොරතුරු ලබා ගැනීම පසුව සිදු වනු ඇතැයි ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

    මෙම ප්‍ර‍හාර හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙන විදෙස් වාර්තා පෙන්වා දෙන අතර ස්ථාන කිහිපයකට එකවර අදාළ ප්‍රහාරය එල්ල වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya