ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනක් ඇරඹීමට පියවර

    නොවැම්බර් 18, 2015

    ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා එක්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීම අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    දෙපාර්තමේන්තුවෙන් ඉවතලන අපද්‍රව්‍ය දිරන ද්‍රව්‍ය හා නොදිරන ද්‍රව්‍ය ලෙස වරගීකරණය කර දිරන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් ඵලදායී අයුරින් කොම්පෝස්ට් පෙහොර නිෂ්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් දියත් කිරීම මෙහිදී ආරම්භ කිරීමට ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය සහය දක්වන බව ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඩී. පී. ඉන්දික මහතා පැවසීය.

     

    2014 දී ජපානයෙන් අපට ලැබුණු තකකුරා කොම්පෝස්ට් ක්‍රමවේදය ආරම්භ කිරීම සඳහා දැනුවත් කිරීමක් ලෙස පැවති අතර මෙම ක්‍රමය ඉතා සාර්ථක නව ක්‍රමයක් හා කෙටි කාලීන ක්‍රමවේදයකින් ඉක්මණ් ප්‍රතිඵල ලැබෙන සේ අපද්‍රව්‍ය නිසියාකාරව කළමණාකරණය කිරීමක් ලෙස මෙහිදී හඳුන්වාදෙනු ලැබීය.

     

    එහිදී අපද්‍රව්‍ය නිසියාකාරව කළමණාකරණය කිරීමේ වැදගත්කම හා ඒ සඳහා පුද්ගල ආකල්ප ඇති කරගැනීම පිළිබඳව ජපන් ජාතික ස්වෙච්ඡා සේවිකාවක් වන නවකො කුරෝදා මහත්මිය විසින් නිලධාරීන් දැනුවත් කරන ලදී.

     

    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya