ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොට්ඨාස සීමා මායිම් පිළිබඳ මහජන පැමිණිලි භාර ගැනේ Featured

    නොවැම්බර් 19, 2015

    කොට්ඨාස මායිම් සම්බන්ධව මහජනතාවට යම් යෝජනාවක් හෝ පැමිණිල්ලක් කිරීමට ඇත්නම් එම පැමිණිලි මේ මස 21 වැනි දින පෙර එම කමිටුවේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට හැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

    පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 අධිකාරය) 3 ඇ වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා විසින් මහජන පැමිණිලි, අදහස් හා යෝජනා භාර ගැනීම හා විමර්ශණය සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරු තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් තමා පදිංචි ප්‍රාදේශීය සහා නගරසභාව නගර සභාව ප්‍රාදේශීය සභාවථ ප්‍රාදේශීය ලේකම් කාර්යාය, හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් එම ගැසට් නිවේදන හා මායිම් සිතියම් පරීක්ෂා කර බැනීමට පහසුකම් සලසා ඇත.

    පැමිණිල හා යෝජනා කොළඹ 02, යුනියන් පෙදෙස, අංක 330 , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පිහිටි කමිටු කාර්යාලයේ ලේකම් වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය හැකි ය.

    2015 අගෝස්තු 21 වන දින පළකරනු ලැබූ අංක 1928/26 දරන ගැසට් නිදෙනය මඟින් ජනාධිපති විසින් නව කොට්ඨාස සහ ඒවායේ මායිම් ප්‍ර‍සිද්ධියට පත් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya