ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ඒඩ්ස් දිනය අද යි Featured

    දෙසැම්බර් 01, 2015

    ලෝක ඒඩ්ස් දිනය අදට ( දෙසැම්බර් 01) යෙදී ඇත. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ “ක්‍රියාත්මක වීමට කාලය දැන් කාලය එළඹ ඇත“ (The Time to Act Is Now) යන්නයි.

    ඒඩ්ස් රෝගය අදවන විට ලෝකය පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් ලෙස හදුන්වා දීමට හැකිය. ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන 35.5 එච් අයි වී (HIV) වෛරසය ආසාදනය වීමක් සහිතව ජීවත් වෙයි. එය ලෝක ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් වේ.  

     

    විශේෂයෙන් අප්‍රිකානු රටවල මෙම තත්ත්වය ඉතා විශල වශයෙන් පවතී. එම ජනගහනයෙන් 60%ක් පමණ මෙම තත්ත්වයට ගොදුරුවී සිටියි. ආසන්න වශයෙන් 90%ක් පමණම එච්.අයි.වී ආසාදනය ව්‍යාප්ත වන්නේ ලිංගික සංසර්ගය(sexual inter-cause) මගින් වූවත් රුධිර පාරවිලයනය (blood transfusion), මත් ද්‍රව්‍යය (IV drug abuse), මවගෙන් දරුවාට (Mother to child) වැනි ක්‍රම මගින්ද මෙය ව්‍යාප්ත වීමේ අවධානම පවතියි.

     

    සතියකට එච්.අයි.වී. ආසාදිතයින් හතරදෙනෙකු මෙරටින් වාර්තාවන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. ශ්‍රී ලංකාවේ පළමු HIV/AIDS රෝගියා වාර්තා වූයේ 1987 දීය. එතැන් පටන් මේ දක්වා 1285 දෙනෙකි. ගෙවී ගිය මාස 10 ක කාලය තුළදී එච්.අයි.වී. ආසාදිතයින් 167 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. 2014 වසර තුළ දී පමණක් වාර්තා වූ එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 228කි. නමුත් පර්යේෂණ දත්ත අනුව එම සංඛ්‍යාව 500කට ආසන්න වේ.

     

    1987 සිට හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාව 2,073ක් වන අතර ඉන් 1,282ක් පිරිමි වන අතර 791ක් කාන්තාවන් වේ. වයස අවුරුදු 9ට පහළ එච්.අයි.වී. ආසාදිතයින් 65දෙනෙකු වාර්තා වී ඇති අතර 82දෙනෙකු වයස අවුරුදු 19ට අඩු කාණ්ඩයේ පසුවේ.

     

    2014 අවසාන වනවිට පර්යේෂණ දත්ත අනුව වයස අවුරුදු 15ට අඩු එච්.අයි.වී. ආසාදිතයින් 100ක් පමණ ද වැඩිහිටි වයස් (වයස අවුරුදු 15ට වැඩි) කාණ්ඩයේ 3,200ක් පමණ ද දැනට ජීවත්ව සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. නමුත් වාර්තා නොවූ තත්ව සමඟ බලන කල නිල නොවන සංඛ්‍යාව 5,600කට නොඅඩු සංඛ්‍යාවක් බව ද ඔවුන් සඳහන් කරයි.

     

    2014 වසර අවසානයේ ගණනය කිරීම්වලට අනුව වැඩිම එච්.අයි.වී. ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය 1,162කි.

     

    එමෙන් ම සෑම වසරකදීම ලොව පුරා මිලියන දෙකක ජනතාව ඒඩ්ස්වලින් මියයති. මින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ උප සහරා අප්‍රිකා කලාපයට අයත් රටවල්වලිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya