ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස. (සා/පෙළ) උපකාරක පන්ති දෙසැම්බර් 2 සිට තහනම්

    දෙසැම්බර් 01, 2015

    2015 අ.පො.ස (සා/පෙ) විභාගයට අදාළව 2015-12-02 මධ්‍යම රාත්‍රී12.00 සිට විභාගය අවසන්වන 2015-12-17 වන දින දක්වා සම්පූර්ණ කාලය තුළ එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

    එසේම එම විභාග අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව විභාග කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    යම් අයෙකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් විසින් මෙකී නියෝග නොසලකා කටයුතු කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය 2013 -06-21 දින නිකුත් කරන ලද අංක 1816 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු වන බව සඳහන්ය.

    ඒ අනුව කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩකරමින් වරදක් සිදුකරන්නේනම් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය - 1911

    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 0112784208/ 0112784537

    පොලිස් මූලස්ථානයේ අංක - 0112421111

    පොලිස් හදිසි ඇමතුම් අංකය - 119

    යන දූරකතන අංක ඔස්සේ මේ පිළිබඳ පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya