ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ‘‘ශ‍්‍රී ලංකා තත්ත්ව සහ ප‍්‍රමිතිකරණ රිය පෙරහැර’’ අද

    දෙසැම්බර් 05, 2015
    ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් තත්ත්වය සහ ප‍්‍රමිතිකරණයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා රිය පෙරහැරක් අද (05‍) විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය  සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    මොරටුව දුම්රිය ස්ථානයෙන් පෙ. ව. 09.00 ට ආරම්භ වන මෙම රිය පෙරහැර ගාලූ පාර ඔස්සේ කොල්ලූපිටිය දක්වා ගමන් කර කොල්ලූපිටිය වටරවුමෙන් ධර්මපාල මාවත ඔස්සේ නෙළුම් පොකුණ මාවත දක්වා ගමන් ගැනීමට නියමිතය.

     

    තරගකාරී වෙළෙඳපොල ජයගැනීමට නම් ප‍්‍රමිතිකරණ භාවිතයන් අත්‍යාවශ්‍ය සාධකයකි. නව පර්යේෂණ හා තාක්ෂණයන් ඇසුරු කරමින් රටට ගැළපෙන නවෝත්පාදන ආර්ථිකයක් බිහිකිරීමෙහිලා ප‍්‍රමිතිකරණය මහෝපකාරී වේ. නිවැරදි ප‍්‍රමිතිකරණය භාවිතයෙන් රජය, ව්‍යාපාරික ප‍්‍රජාව හා සමාජයට අත්කරගත හැකි වාසි පිළිබඳව අවධානය යොමු කිරීමත් ඒ
    ඔස්සේ ලෝක ප‍්‍රමිතීන් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදෙමින් උසස් ප‍්‍රමිතිකරණයක් රට තුළ ස්ථාපිත කිරීමට  ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරනු ලබයි.

     

    උසස් ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයා වෙත ලබාදීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය හා අත්වැල් බැඳගනිමින් කටයුතු කොට තම ව්‍යාපාර දියුණුකරගත් ආයතන සම්බන්ධ කරගනිමින්  මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.

     

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya