ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නොරොච්චෝල බලාගාරයේ ණය ගැන කටයුතු මහා භාණ්ඩාගාරයට ගනී

    දෙසැම්බර් 08, 2015

    නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් පැවති ණය පිළිබඳ ඉදිරියේදී ක‍්‍රියාකරනු ලබන්නේ මහා භාණ්ඩාගාරය බවත් ඉන් විදුලිබල මණ්ඩලයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    2014 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ තිබූ සියලු ණය, මහා භාණ්ඩාගාරය විසින් පවරා ගත් බවත් ඒ අනුව නොරොච්චෝල බලාගාරය සම්බන්ධයෙන් වන ඩොලර් මිලියන 1200 පමණ ණය මුදලේ කටයුතු මහාභාණ්ඩාගාරය සිදු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    එසේම එම බලාගාරයේ කුමන හෝ ක්‍රියාවක් අලුතෙන් කිසිඳු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     


    ඒ මහතා මෙම අදහස් පැවසුවේ, ඊයේ (07) පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හමුවකට එක්වෙමිනි. මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය තුළ දැනට පවත්වාගෙන යනු ලබන 50 ක් පමණ වූ වෘත්තිය සමිති නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගීවී සිටියහ.

     

    සමෘද්ධි සංවර්ධන අරමුදලෙන් සාධාරණ පොලියකට රු.බිලියන 15 ක් පමණ ලබාගෙන සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දියත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අතරම විදුලි ජනන වැඩසටහන ඉතා නිශ්චිතව සකස් කරන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එන්.සී. වික‍්‍රමසේකර යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya