ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් ගන්නා අයට දඩය රු. 5000/- Featured

    දෙසැම්බර් 08, 2015

    - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා තීරණය කරයි.

     

    2016 ජනවාරි 01 දින සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන අයට නීතිය මගින් දැඩි දඩුවම් කිරීමටත් දඩය රු. 2500 සිට රු. 5000 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ අද (08) දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ කාර්යාලයේදි පැවති විශේෂ සාකච්ඡාවකදීය.

     

    මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වසරේ  පමණක්  ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට රු. ලක්ෂ 500ක පමණ මුල්‍යමය වශයෙන් පාඩු ලබා ඇති බවය. මෙම තත්වය තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි බැවින් මෙම තීන්දුව ගත් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

     

    එමෙන්ම දුම්රිය මාර්ගයේ අනවසරයෙන් ගමන් කිරිම හා පාපුවරුවේ ගමන් කිරිම ලබන ජනවාරි මස 01 සිට සම්පුර්ණයෙන් තහනම් කිරීමටත් එම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමටත් එය කඩ කරනන්නට විරුද්ධව දුම්රිය අඥා පනතට අනුව නීතිය මගින් දැඩි දැඩුවම් පැනවීමටත් කටයුතු කරන බව පැවසිය.

     

    2015 වසරේ මේ දක්වා දුම්රිය මාර්ගයේ සහ පාපුවරුවේ ගමන් කල 370දෙනෙකු  අනතුරුවලට භාජනය  වී ඇති අතර එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය ජාතියක් වශයෙන් විශාල ව්‍යවසනයක් මෙන්ම මෙම අනතුරු නිසා දුම්රිය ප්‍රමාදයන්ට ද විශාල හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කරයි. දුම්රිය මාර්ගයේ සහ දුම්රිය තුළ වැරදි කරන වැරදිකරුවන් වැටලීම සඳහා දුම්රිය ආරක්ෂක බලකාය සඳහා  අතිරේක පිරිස් බලය වැඩි කිරීමට ද අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබාදී ඇත.

     

    තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,


    “ඉදිරි සති 02ක ඇතුළත මෙම ක්‍රියාමාර්ග පිළිබදව ජනමාධ්‍ය ආයතනවල සහය ද ලබාගෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මෙම අනතුරු අවම කර ගැනීමට ජනතාවගේ සහයෝගයද දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.විශේෂයෙන් දුම්රිය මගී පාලම් ප්‍රයෝජනයට ගන්නා ලෙසද යාචකයන් විසින් අත්පත් කරගෙන ඇති මගී පාලම්  වලින් ඔවුන්ව ඉවත්කොට මගීන්ට පහසුවෙන් ගමන් කිරීම සඳහා සකස් කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුවට මම උපදෙස් ලබා   දී තිබෙනවා.“ යැයි ද පැවසීය.

     

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, නව දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ  නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya