ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    චීනයේ ජාත්‍යන්තර ගුවන්විදුලියෙන් news.lk ඇගයේ Featured

    දෙසැම්බර් 11, 2015

    චීන රජයේ චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය (China Radio International - CRI) ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ලබා ගැනීමේ දී මූලාශ්‍ර කරගන්නා වෙබ් අඩවිය news.lk රජයේ නිල පුවත් වෙබ් අඩවිය බවත් news.lk ඉතා විශ්වාසනීය ප්‍රවෘත්ති සේවාවක් බවත් චීන රජය වෙනුවෙන් චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂී යුඈ (Shi Yue) මෙනවිය ප්‍රකාශ කළාය.

    අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය හමුවී ෂී යුඈ මෙනවිය මේ බව සඳහන් කළාය. නිවැරදිව සිංහල භාෂාව හැසිරවීමේ මනා හැකියාවක් ඇති ඇය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමඟ එක්ව වැඩ කරයි.

     

    තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වේගවත් ලෙස සිදු වන බවත් කිසිදු අවහිරතාවයකින් (Internet traffic) තොරව රජයේ නිල  පුවත් වෙබ් අඩවියට පිවිසීමට  හැකි වීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂි ලක්ෂණයක් ලෙස ඇය පෙන්වා දුන්නාය.

     

    ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු සහ රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බව ෂී යුඈ මෙනවිය news.lk අගයමින් ප්‍රකාශ කළාය.

     

    ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සුන්දරම හා පිරිසිදුම රටක් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya