ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සියලු පුස්තකාලයාධිපතිවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට පියවර Featured

    දෙසැම්බර් 12, 2015

    සියලු පුස්තකාලයාධිපතිවරුන්ගේ වෘත්තීය ගැටලු ඉතා ඉක්මණින් විසඳන්නට පියවර ගන්නා බවත්, එමගින් ලංකාවේ සියලු පුස්තකාල සක‍්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (11) කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති 2015 - ජාතික කියවීම් මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද ජාතික මහෝත්සවයට එක්වෙමිනි.

     

    නිරන්තරයෙන් යාවත්කාලීන වූ තොරතුරු ලබාදෙන තොරතුරු සම්පත් මධ්‍යස්ථාන බවට සියලු පුස්තකාල පරිවර්තනය කිරීමේ ක‍්‍රමවේදයක් ඉදිරියේ දී සකස්කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    සෑම පාසලකට ම e පුස්තකාලයක් ලබාදීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය වන තොරතුරු සහ පැරණි ග‍්‍රන්ථවල තොරතුරු ප‍්‍රාදේශීය මට්ටමින් ලබාගත හැකි පරිදි ඒවා ඩිජිටල් කර අන්තර්ජාලයට එක් කිරීමේ ක‍්‍රමවේද සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ විෂයයන් සම්බන්ධ ප‍්‍රවීණ බුද්ධි මණ්ඩලයක් මගින් පාසල් පුස්තකාල සඳහා පොත් තෝරා ගැනීමට සිදු කරන බවයි.

     

    වර්තමානය වනවිට සමාජයේ පිරිහීමට ප‍්‍රධාන හේතුවක් වි තිබෙන්නේ, ගුණාත්මක පොත්පත් කියවීමේ පුරුද්දෙන් සමාජය බැහැර වීම බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලියු ඒ අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් සුනිල්, යන මහත්වරුන්ද, මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය එස්. ජේ. යෝගරාජා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya