ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි පස් වසර තුළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් Featured

    දෙසැම්බර් 12, 2015

    ඉදිරි වසර 5ක රට නැංවීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ජනතා අභිමුව තිබිය දී සුළුතරයක් විසින් නගන චෝදනාවන්ට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දී ජනතාව රටේ අනාගතය වෙනුවෙන් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවයි.

    ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව තුළ සිදු වන සුවිශේෂ සංවර්ධන ක්‍රියාවලියට මෙරට ජනතාවගේ කැපවීම අවශ්‍ය බවත් ඒ සඳහා රජයේ පාර්ශවය ද කැප කිරීම් සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    කොළඹ මහ නගර සභාව ප්‍රතිස්ථාපනය කර වසර 150ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැරණි ඡායාරූප ඇතුළත් ප්‍රර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම ප්‍රදර්ශනය කොළඹ මහජන පුස්තකාලයේ දී විවෘත වූ අතර වසර 150කට පෙර හා ඉන් පසු කොළඹ නගරයේ විවිධ ස්ථානවල දර්ශන ඇතුළත් මෙම ප්‍රදර්ශනය ලබන සඳුදා (14) දා දක්වා පැවැත්වේ.

    රුපියල් 5000 ගාස්තුව ඉවත් කරන්න කිසිදු සූදානමක් නැති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජනතාව මතු නොකර ප්‍රශ්න මතු කරමින් විපක්ෂය රජයට බොරු චෝදනා එල්ල කරන බවද පෙන්වා දුන්නේය.


    වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් අයවැය යෝජනා වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදු කර රටේ සංවර්ධනය ගැන සිතීමට සූදානම් බවත් වැරදි මතයන්ට ඉඩ නොදෙන ලෙස ජනමාධ්‍යයෙන් ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.


    ඡායාරූප ප්‍රර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල්, නියෝජ්‍ය පුරපති ටයිටස් පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya