ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධානීන් හමුවෙති

    දෙසැම්බර් 16, 2015

    ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ජී. පී. බුලත්සිංහල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් පසුගියදා බංගලාදේශයේ සංචාරයක නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානි එයාර් මාර්ෂල් අබු එස්රාර් (Air Marshal Abu Esrar recently) මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වූ අතර පසුගිය 7 වැනි දින බංග්ලාදේශ ගුවන් හමුදා මුලස්ථානයේදී ශ්‍රී ලංකා බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීන් අතර ද්විපාර්ශවිය සාකච්ඡා පැවැත්වින.

     

    මෙහිදී ආරක්‍ෂක අමාත්‍යවරුන්ගේ සහ ඒ හා සම්බන්ධ රාජ්‍ය අනුමැතිය සහිතව බංග්ලාදේශ ශ්‍රී ලංකා ගුවන් හමුදා වාර්ෂික සාකච්ඡාවක් පැවැත්වීමට සහ ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර පුහුණුවීම් හුවමාරු වැඩසටහන් පිළිබඳව ද මෙහිදී එකඟත්වයට පැමිණ ඇත.

     

    ඉන් අනතුරුව මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා පසු ගිය 9 වැනිදා සහ 8 වනිදා පිළිවෙලින් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමන් (Hon. Mr. Muhammad Abdul Hamid) සහ අගමැතිනි ගරු ෂීක් හසිනා මැතිණිය (Hon. Sheikh Hasina) හමුවීය. මෙහිදී බුලත්සිංහල මහතා බංග්ලාදේශ නායකයින් සමග ද්විපාර්ශවිය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකාච්ඡා කෙරිණි.

     

    මෙම හමුවීම් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

     

    මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා ගුවන් ප්‍රධානී බංග්ලාදේශ යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් අබු බෙලාල් මොහොමඩ් සයිෆුල් හක් (General Abu Belal Muhammad Shafiul Huq ) නාවික හමුදා ප්‍රධානී වයිස් අද්මිරාල් මොහොමඩ් ෆරීඩ් හබීබ් (Vice Admiral Muhammad Farid Habib) යන මහත්වරුද හමුවී සුහද සාකච්ඡා පැවැත්වූ අතර 1971 වසරේ පැවතී බංග්ලාදේශ විමුක්ති සටනේදී මියගිය විරුවන් වෙනුවෙන් ඩකා අගනුවර හමුදා ජනපදයේ පිහිටි විරු සමරු ස්මාරකය වෙත ගොස් සිය ආචාරය පුද කිරීමට සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya