ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට

    දෙසැම්බර් 17, 2015

    ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2015 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද එක්වීමට නියමිතය.

    දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන් හි පූර්ණකාලීන හා අර්ධකාලීන ජනමාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙම ශීෂ්‍යත්ව ප්‍රදානය සිදු කරේ.

     

    විසි එක්වන සියවසේ අභියෝගයන්ට මුහුණ දෙනු වස් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් සහ ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සලසාදීම හා උනන්දු කරවීම මෙම ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ අරමුණයි.

     

    2015 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් 150කට ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර දේශිය අධ්‍යාපන හා පුහුණු ආයතනවල පැවැත්වෙන උපාධි, සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා ආපසු නොගෙවීමේ පදනම මත රු.100,000ක උපරිමයකට යටත්ව ශිෂ්‍යත්වලාභීන් වෙත පාඨමාලා ගාස්තු ගෙවීම මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ සිදු වේ.

     

    මේ අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya