ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පදවි ප්‍රාප්තිය සැමරේ Featured

    ජනවාරි 07, 2016
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් සපිරීම සමරනු වස් සංවිධානය කළ විශේෂ ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ප.ව. 2.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වීමට නියමිතය.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වී වසරක් සපිරිම ද සනිටුහන් කෙරෙන මෙම උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධිතුමාගේ මුණුබුරෙකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසිනි.
    ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයෙකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා ලෝක පූජිත විශිෂ්ඨ ලේඛකයෙකි. ගාන්ධි සහ ශ්‍රී ලංකාව, නේරු සහ ශ්‍රී ලංකාව එතුමා අතින් ලියැවුණු විශිෂ්ට කෘතීන් වන අතර සරණාගතයන්ගේ ගැටළු පිළිබඳ ලියැවුණු සරණම් ග්‍රන්ථය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක කතුවරයා ද වෙයි.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහබාගිත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබෙනෙයි නන්දි මහතා 
    ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී වනු ඇත.
    මෙහි දී එකම දැයක්- මහ බලයක් ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩුමට ද නියමිතය.
    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන හෙට (09) සංස්කෘතික දැක්මක් නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
    ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කරමින් කළුතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේ අභියස ද වැඩසටහන් රුසක් සංවිධානය කර තිබෙන අතර කළුතර ඓතිහාසික බෝධි රාජයාණන් වහන්සේ වැඩ වෙසෙන භූමිය, බෝධි භාරකාර මණ්ඩලය වෙත පවරාදීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.
    මේ හා සමගාමීව ජනතා ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම සඳහා ජනපති හද බිම වැඩසටහන ද අද ආරම්භ කෙරෙන අතර ජනාධිපතිතුමා වෙත ජනතා ගැටලු සෘජුව ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න ක්‍රමවේදය එහි දී දියත් කෙරෙනු ඇත.
    ඕනෑම ස්ථාවර දුරකථනයකින්, ජංගම දුරකථනයකින් සහ අන්තර්ජාලය ඔස්සේ ඒ හා සම්බන්ධ විය හැකි අතර ග්‍රාමීය ම්ටටමේ සිට ජාතික මට්ටම දක්වා ඉදිරිපත් කරන සියලු ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදීමේ 
    වැඩපිළිවෙලක් සකස් කර තිබෙන අතර ඒ සඳහා පොදු ජනතාව ද සම්බන්ධ කරගැනීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya