ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස අපේ රටේ ව්‍යවස්ථාව සකස් කරන්න ජනාධිපතිතුමා සූදානම් නෑ

    ජනවාරි 07, 2016

    අතිගරු ජනාධිපතිතුමා, තනතුරේ සිටින තුරු ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස අපේ රටේ ව්‍යවස්ථාව සකස් කරන්න සූදානමක් නැති බවත් ඉඩකඩක් නොලැබෙන බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ලෙස ඒ කටයුතු සිදුවන බවත් ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේ දී ඉතාම පැහැදිළිව ප්‍රකාශ කළ බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

     

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ
    දී අද (07)අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.

     

    ප්‍රධාන පක්ෂ දෙක එකතු වී පිහිටුවනු ලැබූ ආණ්ඩුව පිළිබඳව විවිධ මත පසුගිය වසර පුරා ඉදිරිපත් කරමින් සිටියා. සමහරු කිව්වා මාසයක් යන්න බෑ කියලා. හෙට ප්‍රථම වර්ෂ පූර්ණය යෙදී තිබෙනවා.

     

    මේ රටේ ජනතාව ඉල්ලා සිටි පුළුල් ජාතික වැඩපිළිවෙළක් තිබෙනවා,එකතු වෙලා ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ලෙස මුහුණු දෙනවා.තුනෙන් දෙකක ශක්තිමත් ආණ්ඩුවක් කියලා ඔප්පු කර තිබෙනවා.මේ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවට ඔප්පු කර තිබෙනවා.


    මේ වසරේ අභියෝග කීපයක් ජය ගන්න තිබෙනවා.ප්‍රධන පක්ෂ එකතු වුණේ ඒ සඳහායි.ඇමතිකම් ගන්නවත් බලය සඳහාවත් වූ
    එකතුවක් නොවේ.ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නයි එකතු වුණේ. 

     

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රටේ ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.නව මැතිවරණ ක්‍රමයක් ඇති
    කිරීම ගැන ජනතාවට බලාපොරොත්තුවක් තිබෙනවා.පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් ලබාදීමට යමක් කරයි කියා ජනතාව බලාපොරොත්තු වෙනවා.ජාත්‍යන්තර වශයෙන් අපේ රටට එල්ල වී තිබෙන චෝදනාවලින් රටක් ලෙස ගැළවීමට ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවක් ජනතාව බලාපොරොත්තු වෙනවා.

     

    2016 රටේ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට ජාතික ආණ්ඩුවක් හැටියට එකමුතුව කටයුතු
    කරනවා.ආණ්ඩුවට විරුද්ධව බංකොලොත් දේශපාලන පක්ෂවල ඇතැම් අය විවිධ බිල්ලන් මවා පෑමට උත්සහ දරා තිබෙනවා.

     

    තවම කොළ කෑල්ලක්වත් දකින්නේ නැතිව,සාකච්ඡාවක් කරන්නේ නැතිව 9 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමටත් පෙර එක එක බිල්ලෝ
    ව්‍යවස්ථාව ගැන මවන්න උත්සහ කරනවා.

     

    ඒකීයභාවය අහෝසි වෙනවලු.බුද්ධගමට මුල්තැන නැතුව යනවලු,උතුරු නැඟෙනහිර එකතුවෙනවලු,ජාත්‍යන්තරයට ඕන
    විදියට ව්‍යවස්ථාව හදන්න යනවලු කියනවා.


    ඊයේ අතිගරු ජනාධිපතිතුමා,කැබිනට් රැස්වීමේ දී ඉතාම පැහැදිළිව ප්‍රකාශ කළා එතුමා තනතුරේ සිටින තුරු ජාත්‍යන්තරයට අවශ්‍ය
    ලෙස අපේ රටේ ව්‍යවස්ථව සකස් කරන්න සූදානමක් නැති බවත් ඉඩකඩක් නොලැබෙන බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ලෙස ඒ කටයුතු සිදුවන බව එතුමා පැහැදිළි කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya