ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු නීතියක් රජය විසින් පනවන්නේ නෑ- අධිකරණ අමාත්‍ය Featured

    ජනවාරි 14, 2016

    කතිකාවත්වලට නීතිමය බලයක් දෙනවා මිස රජය නීති පනවා නොමැති බවත් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු නීතියක් රජය විසින් පනවන්නේ නැති බවත් ථේරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි. රජයේ ප්‍රවෘත්ති
    දෙපාර්තමේන්තුවේ දී අද (14) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.

     

    බුද්ධ ශාසනයේ පිරිහීම වැළැක්වීම පිණිස භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබඳව සෑම නිකායකම, සෑම පාර්ශ්වයකම
    කතිකාවත් තිබෙනවා. ඒ කතිකාවත් නිර්මාණය කර තිබෙන්නේ ත්‍රිපිටකයේ තිබෙන විනය පිටකය පදනම් කරගෙනයි.

     

    එම කතිකාවත්වලට නීතිමය බලයක් නැති බවට මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කරන කරුණු පසුගිය වසර ගණනාවක් පුරා සාකච්ඡාවට භාජනය වුණා. 2011 සිට මේ සම්බන්ධව පනත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ වී තිබෙනවා.

     

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම නිකායවල,සියලුම පාර්ශ්වවල සාකච්ඡාවලට බලය ලැබුණු මහනායක භික්ෂූන් වහන්සේලා, ලේඛකාධිකාරී භික්ෂූන් වහන්සේලා,සමඟ සාකච්ඡ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත් පසුගිය රජය කාලයේ සකස් කර තිබුණා.

     

    පනත් කෙටුම්පතේ අඩුපාඩු නැවත සංශෝධනවලට ලක්කරලා,කැබිනට් මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

     

    මේ පනත් කෙටුම්පතේ අරමුණ තමයි, ඒ ඒ නිකායන් හ පාර්ශ්වයන් විසින් සම්මත කරගෙන තිබෙන කතිකාවත්වල
    කොන්දේසි උල්ලංඝනය කරන, විනය උල්ලංඝනය කරන භික්ෂූන්වහන්සේ සම්බන්ධව විනය තීන්දු ගැනීමේ බලයක් මහනයක ස්වාමින් වහන්සේලාට සහ කාරක සංඝ සභාවලට තිබීම.එම තීන්දු ගත්තට ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක්
    මහා සංඝරත්නයට නැහැ. ආණ්ඩුවට කළ ඉල්ලීම තමයි, එම ගනු ලබන තීන්ඩුවලට වලංගුභාවයක් ලබාදීම සඳහා කතිකාවත්වලට නීතිමය බලයක් ලබාදෙන්න කියන කාරණය.

     

    මේ පනතේ කතිකාවත් සකස් කිරීමක් ආණ්ඩුව විසින් කරන්නේ නෑ. එය සකස් කරගන්නේ අදාළ පාර්ශ්වය සහ
    නිකායයි.විනය උල්ලංඝනය කළ භික්ෂූන් වහන්සේලා සම්බන්ධව තීන්දු තීරණ ගැනීම රජය කරන්නේ නෑ.කතිකාවත් යටතේ මහා නායක භික්ෂූන්වහන්සේලා ගනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට නිතිමය බලයක් ලබදීම පමණයි.

     

    මේ පිළිබඳව ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කළා,ඒහිදී එකඟ වූ කාරණා තමයි
    පර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ.කතිකාවත්වලට නීතිමය බලයක් දෙනවා, රජය නීති පනවා නැහැ.භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවන්නේ නෑ.භික්ෂූන් වහන්සේලා විසින් මයි ඒවා නිරාකරණය කර ගන්නේ.

     

    මහනායක ස්වාමින් වහන්සේලා එකඟ වූ පරිදි මේ පනත් කෙටුම්පත් ගෙනවිත් තිබෙන්නේ.මහා සංඝරත්නය මීට තවත් සංශෝධන ගෙන එනවා නම් කාරක සභා අවස්ථවේ එවා සළකා බලා ඇතුළත් කළ හැකි සංශෝධන ඇතුළත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya