ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඇඹිලිපිටියේදී මාධ්‍යවේදීන් පිරිසකට සිදු වූ සිද්ධිය පිළිබඳ පොලීසියභාර අමාත්‍යතුමාට දන්වා සිටියා- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජනවාරි 14, 2016

    මාධ්‍යවේදීන් පිරිසකට ඇඹිලිපිටියේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස,පොලීසියභාර අමාත්‍යතුමාට දන්වා සිටි බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

    අධිකරණ වාර්තාකරණයේ නියැලි මාධ්‍යවේදීන් පිරිසකට ඇඹිලිපිටියේදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    මේ පිළිබඳව මාධ්‍ය මඟින් දුටුවා. මාධ්‍යවේදීන්ට එවැනි තත්ත්වයක් උදා වීම පිළිබඳව කණගාටුවෙනවා.එය සිදු නොවිය යුත්තක්.මේ පිළිබඳව පොලිසිය බාර සාගල රත්නායක අමාත්‍යතුමා සමඟ කතා කළා.පොලිස්පතිතුමා සමඟ සාකච්ඡා කර පරික්ෂා කරන බව දන්වා සිටියා.

    සාමාන්‍යයෙන් මැවැනි දේ වාර්තා කිරීම සිදු කරනවා.මාධ්‍යවේදීන්ට අපි හැදුනුම්පතක් නිකුත් කර තිබෙන්නේ,නිදහසේ ඒ කටයුත්ත කරන්න.ඒ පිළිබඳව සොයාබලන්න ,පොලීසියභාර අමාත්‍යතුමාට බාර දුන්නා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya