ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරියක් පිහිටුවීමේ සැලසුමක්

    ජනවාරි 20, 2016
    රාජ්‍ය මැදිහත් වීමකින් තොර කෘෂිකාර්මික දියුණුවක් කිසිදු රටකින් අපේක්ෂා කල නොහැකි බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
    ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ පිළිබඳ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී, හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි පැවැත්වු සාකච්ජාවේදී ඒ මහතා මෙසේ පැවසීය. 
     
    එහිදී වැඩිදුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් එහි අවශ්‍යතාව පිළිබඳව පැමිණ සිටි විද්වත් මණ්ඩලය වෙත අදහස් දැක්වු අමාත්‍යවරයා, බෝග විවිධාංගිකරණය හා ඵලදායිතාවය ඉහළ නැංවීම තුලින් 2018 වන විට අප රට බඩ ඉරිගු, සෝයා බෝංවි, වියලි මිරිස්, අර්තාපල් හා බී ලූණු වලින් ස්වයංපෝෂිත කිරීමටත්, යැපුම් කෘෂිකර්මාන්තයේ සිට කෘෂි ව්‍යාපාර දක්වා ඉහල තලයකට නැවීමටත්, එමගින් 2020 වන විට අපනයන වෙළඳපලට ප්‍රවිෂ්ඨ වීමටත් හැකිවන පරිදි මෙරට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම රජයේ අපේක්ෂාව බවත් පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 70% ප්‍රතිශතයක් ග්‍රාමීය ජනතාව වන අතර නුතන ග්‍රාමීය අංශයේ ආර්ථික ක්‍රියාවලීන් තුල වැඩි භූමී ප්‍රමාණයක් යෙදවී ඇත්තේද සාපේක්ෂ වශයෙන් වැඩි ජනතාවක් නියලි සිටින්නේද  කෘෂිකාර්මික අංශයේය.ග්‍රාමීය ආර්ථිකයේ වැදගත් කැනක් හිමි වන්නේ යැපුමි කෘෂි කාර්මාන්තයටයි.
     
    යැපුම් කෘෂිකාර්මික කටයුතු අතර වී ගොවිතැනට ප්‍රධාන ස්ථානයක් හිමිවේ. තවද අතිරේක බෝග වගාවටද වැඩි අවධානයක් යොමු වේ. මෙහිදී වාරි මාර්ග මගින් ජලය සම්පාදනය කරන ප්‍රදේශ වල වගා කරන ප්‍රධාන බෝගය වී වන අතර එසේ නොවන ප්‍රදේශ වල අතිරේක බෝග වෙත යොමු වීම වැඩි වශයෙන් දැක ගත හැක. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය තම ජීවිකාව වශයෙන් කරගෙන යන ගොවීන්ට විවිධ ගැටළු වලට මුහුණ පැමට සිදුවී තිබේ.
     
    ආර්ථිකමය ගැටළුවක් වශයෙන් කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා පවතින බාධාවන් මගහරවා ගත යුතුය.ගොවීන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථිර වෙළඳපොළක් ඇතිකල යුතුය. කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත් වීම වඩාත් පුළුල් කිරීම හා අඛණ්ඩව පවත්වා ගැනීම මගින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා රට තුළ වඩාත් සුභවාදී පරිසරයක් ඇති වනු නිසැකය. 
     
    ජාතික කෘෂිකාර්මික අලෙවි කරන අධිකාරියක් පිහිටුවීම මගින් මේ සඳහා වඩාත් පුළුල් දායකත්වයක් සැපයිය හැකි වනු ඇත.
     
    මෙම අධිකාරිය පිහිටු වීමේ ප්‍රධාන අරමුණු ලෙස කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිකරණය සම්බන්ධිකරණය කිරිමත්, පවතින වෙළඳපළ, ප්‍රවාහන හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රදේශීය හා ගම් මට්ටමින් කෘෂි නිෂ්පාදන මිලට ගැනීම හා  ගබඩා කිරීම, ආහාර කල්තබා ගැනීමේ ශීතාගාර පහසුකම් සුලභ කිරීම යන කරුණු දැක්විය හැකි බව අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා අමාතංශ ලේකම් රේණුකා ඒකනායක, ඇතුළු වී අලෙවි මණ්ඩලය, මිල්කෝ සමාගම, ජාතික පශු 
    සම්පත් සංවර්ධන මණ්ඩලය, මහවැලි අධිකාරිය, හදබිම අධිකාරිය, කොබ්බැකඩුව ගොවි පර්යේෂණ ආයතනය, කාර්ගිල්ස් කෘෂි අංශය, සී.අයි.සී. කෘෂි අංශය, මුදල් අමාතංශය යන ආයතනයන් හී නියෝජිතයන් සහභාගි වු අතර මෙහිදී මෙම ආයතනයන් හී නියෝජිතයන් මෙම අධිකාරිය පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව තම අදහස් දැක්වූ අතර මෙම අවස්ථාව සඳහා ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිද සහභාගි විය.   
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya