ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2016 ලෝක ආර්ථික සමුළුව ඇරඹේ - මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති Featured

    ජනවාරි 21, 2016

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

     

    විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

     

    ස්විට්සර්ලන්තයේ, ඩෙවෝස් නුවර දී අද පෙරවරුවේ ආරම්භ වූ මෙම ආර්ථික සමුළුවට සහභාගී වි සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝකයේ මහා පරිමාණ වෙළෙද සමාගම් රැසක ප්‍රධානීන් සමඟ සාකච්ඡා පැවැත්විය.

     

    ශ්‍රී ලංකාව තුළ මේ වසරේ දී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මණින් අවතීරණ විමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවල දී එම සමාගම්වල ප්‍රධානිහූ කැමැත්ත පළ කළහ.

     

    ආර්ථික සමුළුව අතර වාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු ලෝකයේ ප්‍රබලතම වෙළෙද සමාගම් ප්‍රධානිහූ අතර නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලුෂන් සමාගමේ ජගත් ප්‍රධාන විධායක නිලධාරි එරික් රොන්ඩෝලට්ල ලෝක ප්‍රකට ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ට්‍රි මැක්කින්සි සහ සමාගමේ ආසියානු කලාපයේ සභාපති කෙවින් ස්නීඩර්ල බහරේන් පෙට්‍රෝලියම් සමාගමේ ගෞරවනීය සභාපති හා එරට අගමැති උපදේශක ෂෙයික් සල්මාන් බින් කලිෆා අල් කලිෆා යන මහත්වරු වූහ.

     

    යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති විශේෂ අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ජගත් සමාගම් ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවල දී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරිනි.

     

    මෙම සමුළුව අතරතුර දී ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොදොග්ලූ යන මහත්වරු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

     

    ලෝක ප්‍රකට මයික්‍රසොෆ්ට් පරිගණක සමාගමේ සභාපති ජීන් පිලිප් කෝර්ටොයිස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර දී  (21) දින හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

     

    මෙම අවස්ථාවන්ට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායක සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya