ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ වකුගඩු ජාවාරම පිළිබඳ සිද්ධිය - අධ්‍යයනය කර තීන්දුවක් ගන්නවා- සෞඛ්‍ය ඇමති

    ජනවාරි 21, 2016

    ඉන්දියාවේ වකුගඩු ජාවාරම පිළිබඳ සිද්ධියේ වාර්තාව තවමත් නෛතිකව ලැබී නැති බවත් මේ සම්බන්ධව අධ්‍යයනය කර තීන්දුවක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ඉන්දියාවේ සිදු වූ බව කියන වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකික වෛද්‍යවරු හයදෙනෙකු සම්බන්ධ බවට පළවන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.

     

    මෙය ජාවාරමක් ලෙස සිදුව තිබේ නම්, ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස පියවර ගන්නා බව කී අමත්‍යවරයා, තවම ඒ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී නොමැති බවය. අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නා, ඒ වාර්තවේ පිටපතක් ලබාගන්නට. අපි තීරණයක් ගත්තා,විදේශිකයන්ගේ කුගඩු බද්ධ කිරීම තහනම් කරන්න. ඒ සඳහා චක්‍රලේඛයක් සියලුම පුද්ගලික රෝහල්වලට නිකුත් කළා.

     

    මුදලට ශරීර අවයවයක් ප්‍රදානය කිරීම තහනම්. ඒ නිසයි කියන්නේ තමන්ගේ ආසන්නම ඥාතියෙකුගෙන් ගන්න කියලා,ශ්‍රී ලංකවේ එසේ ප්‍රදානය කරන අය ඉන්නවා.එය ජාවාරමක් ලෙස තිබෙනවා නම්,ඒ පිළිබඳව පියවර ගන්නවා.

     එම වෛද්‍යවරු පිළිබඳවත් පෞද්ගලික රෝහල් පිළිබඳවත් අපි උපදෙස් ලබාදුන්නා සතියක් තුළ වාර්තවක් ලබාදෙන්න කියලා. මේ සම්බන්ධව අධ්‍යයනය කර තීන්දුවක් ගන්නා බවද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya