ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ''වික්‍රමාදිත්‍ය'' නැව නැරඹීමට ජනපති යයි Featured

    ජනවාරි 24, 2016
    ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් විශාලතම යුද නෞකාවක් වන ''වික්‍රමාදිත්‍ය'' නැව නැරඹීමට ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඊයේ (23) පෙරවරුවේ ගියේය.
     
    '' හිරුමෙන් ශක්තිමත්'', යන තේරුම ඇති වික්‍රමාදිත්‍ය නෞකාව දිගින් මීටර් 284 ක් වන අතර, පළලින් මීටර් 60 කි. වරකට ප්‍රහාරක ගුවන් යානා 36 ක් ප්‍රවාහනය කළ හැකි අතර 1700 ක කාර්ය මණ්ඩලයකින් යුත් මෙම නැව මහල් 22 කින් සමන්විතය.
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පවතින සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමාදිත්‍ය නෞකාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන්නේ රියර් අද්මිරාල් රවිනීට් සිං මහතායි.
     
     නෞකාවේ අණ දෙන නිලධාරි ක්‍රිෂ්ණා ස්වාමිනාදන් මහතායි. 
     
    නෞකාව වෙත පැමිණි ගරු ජනාධිපතිතුමන් ඉන්දීය හමුදාවේ උත්තමාචාරය පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනීම සිදු වූ අතර සමරු තිළිණ ද ප්‍රදානය කෙරිණි.
     
     
     
     
    he ship 2
     

    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya