ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සමුද්‍ර ක්ෂීරපායි සුරක්ෂිතතාව හා මුහුදු නැව් මාර්ග සංඥා ආශ‍්‍රීත ගැටලු පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර සමුළුව අද Featured

    ජනවාරි 26, 2016

    තල්මසුන් ඇතුළු සමුද්‍රික ක්ෂීරපායි සමඟ මහා සාගරයේ පාරිසරික සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විශේෂඥයන්ගේ හා තල්මසුන් සුරක්ෂා කිරීමේ ආයතනයන්හි සහභාගිත්වයෙන් මෙම සාගරයේ පාරිසරික සෞඛ්‍යය (The Environmental Health of the Ocean) පිළිබඳ ප‍්‍රථම ජාත්‍යන්තර සමුළුව පැවැත්විමට කටයුතු යොදා තිබේ.


    මෙහිදී ජාත්‍යන්තර මුහුදු ක්ෂීරපායි සංවිධානයේ මෙහෙයවිමෙන් මුහුදු පරිසරයේ ජෛව විවිධත්වය හා මුහුදු නැව් මාර්ග සංඥා පිළිබඳ ගැටලු ගැනද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.

     

    ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට පවත්වනු ලබන මෙම ජාත්‍යන්තර සමුළුව අද ජනවාරි 26 ආරම්භ වන අතර එය හෙට සහ අනිද්දා 27 හා 28 දිනවල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

     


    මෙම සමුළුවේ සමාරම්භක උළෙල ජනවාරි 26 වැනිදා අද පෙ.ව. 10.00 ට පැවැත්වෙන බව මෙම ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන සංවිධායක ඉන්දියානු සාගර සමුද්‍රික ක්ෂීරපායි සමුද්‍රික මධ්‍යස්ථානයේ (CRIOMM-Centre for Research on Indian Ocean Marine Mammals) කැඳවුම්කරු හා ඉන්දියානු සාගර සමුද්‍රික කටයුතු සහයෝගීතා ( IOMAC-Indian Ocean Marine Affairs Co-operation) ලේකම් කාර්යාලයේ මහා ලේකම් ආචාර්ය හිරාන් ජයවර්ධන මහතා පවසයි.

     

    වර්ෂ 1982 දී පිහිට වූ ඉන්දියානු සාගර සමුද්‍රික ක්ෂීරපායී පර්යේෂණ මධ්‍යස්ථානය හා අපේ ජාතික හා මුහුදු අභිලාෂය සමඟ ඉන්දියානු සාගර සමුද්‍රික කටයුතු සහයෝගීතා ලේකම් කාර්යාලය සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවේ දී මහා සාගරයේ ජෛව විවිධත්වය ගවේෂණය කිරීම, තල්මසුන් ඇතුළු සමුද්‍රික ක්ෂීරපායි ආරක්ෂා කර ගැනීම, තල්මසුන් වැඩියෙන් ගැවසෙන ස්ථාන, ඔවුන්ගේ හැසිරීම් රටාවන්, ඔවුන්ගේ සංචරණයන් මෙන්ම නැව් මාර්ග භාවිතාව නිසා තල්මසුන්ට සිදුවන ජීවිත හානි ආශ‍්‍රීතවත් සාගර පාරිසරික සෞඛ්‍යය සුරක්ෂිත කිරීම පිළිබඳව තිරසරවැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ හා ගවේෂණය කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

    එසේම මෙහිදී තල්මසුන් නිරීක්ෂණ වැඩසටහන් සඳහා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනීය වැඩපිළිවෙලක් ගැනද සාකව්ඡා කරන බව ආචාර්ය හිරාන් ජයවර්ධන මහතා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya