ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රධාන​ ගෘහ ඒකක සමික්ෂණ හතරක ක්ෂේත්‍ර​ රාජකාරි ආරම්භ කෙරේ Featured

    ජනවාරි 27, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වර්ෂයේදී  ගෘහ ඒකක සමික්ෂණ හතරක්පැවැත්වීමට කටයුතු කර ඇත. ගෘහ ඒකක  ආදායම් හා වියදම් සමික්ෂණයෙහි හා ශ්‍රි ලංකා ශ්‍රමබල සමික්ෂණයෙහි හා  ළමා ක්‍රියාකාරකම් සමික්ෂණයෙහි කේෂත්‍ර කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත. ශ්‍රි ලංකා ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමික්ෂණයෙහි කේෂත්‍ර කටයුතු 2016 ජුනි මස ආරම්භ කිරිමට බලාපෙරොත්තුවේ.

    ශ්‍රි ලංකා ශ්‍රමබල සමික්ෂණය 1990 වර්ෂයේ සිට කාර්තුමය වශයෙන් පවත්වනු ලබයි. ශ්‍රි ලංකාවේ ශ්‍රමබලකාය, රැකියා නියුක්තිය හා රැකියා වියුක්තිය ආදි වැදගත් සංඛ්‍යාති මෙම සමික්ෂණයේ දත්ත මගින් සම්පාදනය කරනු ලබයි.

     

    ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය පවත්වනු ලබන්නේ ඒක පුද්ගල ආදායම, ඒක පුද්ගල වියදම, දරිද්‍රතාවය  සහ වත්කම්වල හිමිකම යනාදිසංඛ්‍යාති ගණනය කිරිම සඳහායි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය සෑම වර්ෂ තුනකටම වරක් පවත්වනු ලබන අතර අවසන් වරට පවත්වනු ලැබුවේ 2012/13 වර්ෂවලදිය.

     

    වයස අවුරුදු 5 සිට 17 දක්වා ළමා ජනගහනයේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ළමා ක්‍රියාකාරකම් සමික්ෂණය මගින් ආවරණය කරනු ලබයි. දෙපාර්තමේන්තුව මගින් මෙම සමික්ෂණය 1999 සහ 2008/09 වර්ෂවලදි ද පවත්වනු ලැබිය. 2016වර්ෂයේදි මෙම සමික්ෂණය පවත්වනු ලබන්නේ තෙවන වරටය. ළමා ක්‍රියාකාරකම් සමික්ෂණය 2016 වර්ෂයේදි  ක්‍රියාත්මක කරනු ලබන්නේ කම්කරු සබතා අමාත්‍යංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහයෝගිත්වයෙනි.

     

    ශ්‍රි ලංකාවේ නිවාස ඒකක සංඛ්‍යාව මිලයන 5.2 ක් පමණ වේ. මෙම සමික්ෂණ සහා දත්ත එක් රැස් කරනු ලබන්නේ මුළු රටම ආවරණය වන පරිදි තක්ෂණික ක්‍රමවේද මගින් තෝරාගත් නිවාස ඒකක 25,000 ක නියැදියක් මගිනි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය සහ ශ්‍රි ලංකා ශ්‍රමබල සමික්ෂණය යන සමික්ෂණ දෙකම සහා එකම නියැදියක් තෝරා ගනු ලබන අතර, ළමා ක්‍රියාකාරකම් සමික්ෂණය සහ ශ්‍රි ලංකා ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය සමික්ෂණය සහා වෙන වෙනම නියැදීන් තෝරා ගනු ලබයි.

     

    මනාපුහුණුවලත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙහිනිලධාරින් විසින් මෙම සමික්ෂණ සහා  මෙම දිනවල තෝරගත්  නිවාස ඒකක වලින් දත්ත එක් රැස් කරනු ලබයි.රටට අවශ්‍ය සහ වැදගත්  සංඛ්‍යාති සම්පාදනය සහා පමණක්ම මෙලෙස එක් රැස් කරනු ලබන දත්ත යොදා ගනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  අමර සතරසිංහ මහතා ප්‍රකාශ කර සිටි. සපයනුලබන තොරතුරුවල රහ්‍යසභාවය සුරකිනු ලබන අතර මෙම සමික්ෂණ සාර්ථක කර ගැනිම සහා නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසතෝරාගත් ගෘහ ඒකක වල ගෘහ මුලිකයන්ගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

     

    ළමා ක්‍රියාකාරම් සමික්ෂණයේ ක්ෂේත්‍ර කටයුතු 2016 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා ක්‍රියාත්මක කරනු ලබන අතර, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය සහ ශ්‍රි ලංකා ශ්‍රමබල සමික්ෂණය 2016 වර්ෂය පුරාම ක්‍රියාත්මක කරනු ලබයි.ළමා ක්‍රියාකාරකම් සමික්ෂණයෙහි හා ශ්‍රි ලංකා ශ්‍රමබල සමික්ෂණයෙහි කේෂත්‍ර කටයුතු සහා ගණන් ගන්නා නිලධාරින් අවම වශයෙන් එක් වරක් ගෘහ ඒකකයටපැමිණෙන අතර, ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණය සහා අවම වශයෙන් තෙවරක් පැමිණෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya