ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ෙවත සන්නස් පත්රය පිළිගැන්වීමේ පූජෝත්සවය ජනපති සහභාගිත්වයෙන් Featured

    ජනවාරි 30, 2016
    කෝට්ටේ ශී‍  කල්‍යාණි සාම ගී‍ ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරයෙන් පිදුම් ලද මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත එම ධූරය පිළිබද සන්නස් පත‍්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පසුගියදා කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
    කෝට්ටේ ශී‍ කල්‍යාණි සාම ගී‍ ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ විසින් අභිනව අනුනායක ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත‍්‍රය පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් විජිණිපත පිළිගැන්වීම සිදු විය.
     
    අටපිරිකර පූජා කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු විය.
     
    කෝට්ටේ පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභිකවරයෙකු වන කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ උපසම්පදා ලේඛකාධිකාරී වහන්සේ ලෙසත්, නියෝජ්‍ය ලේඛකාධිකාරින් වහන්සේ ලෙසත් මහගු ශාසනික මෙහෙයක් ඉටුකොට දැනට එම සංඝ සභාවේ ප‍්‍රධාන ලේඛකාධිකාරී තනතුර ද හොබවති.
     
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මාහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ජාතික හා ජාත්‍යන්තර ශාස්තී‍ය සේවයක ද නියැලී සිටිති.
     
    එමෙන්ම වාද්දුව, තල්පිටිය බෝධිරාජ මහා විහාරයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස ද කටයුතු කරති.
     
    මහාචාර්ය කොටපිටියේ රාහුල හිමිපාණන් වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ධර්ම විනය පිළිබද හසල දැනුමක් ඇති ජන ප‍රසාදයට පත් මහායතිවරයාණන් වහන්සේ නමකි.
     
    පූජොත්සවය අමතමින් අභිනව අනු නායක ස්වාමින් වහන්සේ වෙත තම සුභාශීංසන පළ කළ ජනාධිපතිතුමා විනයධර, ධර්මධර මෙන්ම ප‍්‍රඥාවෙන් යුත් චරිතවත්, ආදර්ශවත් භික්ෂුන් වහන්සේ නමක් වන මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත මෙම අනුනායක ධූරය පිළිගැන්වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත් වැදගත් පියවරක් බවද පැවසීය.
     
    වසර දහස් ගණනක ඉතිහාසය පුරා පැවත ආ අයුරින් ඉදිරියටද රාජ්‍ය පාලන කටයුතු සිදු කරන්නේ මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම මත බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ද ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya