ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වේ Featured

    ජනවාරි 29, 2016

    කොළඹ නගරය මූලික කරගෙන සමස්ත බස්නාහිර පළාතම මහා නගරයක් ලෙස සංවර්ධනය කෙරෙන බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්ම හෙවත් මෙගා පොලිස් වැඩපිළිවෙළ එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්විණි.

    කොළඹ, ගම්පහ, කළුතර දිස්ති‍්‍රක්ක තුන ඇතුළත් බස්නාහිර පළාතම එකම නගරයක් ලෙස නිවැරදි සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

     

    වසර 15 ක් පුරා කි‍්‍රයාත්මක වන සංවර්ධන සැලැස්ම අදියර 03 ක් යටතේ කි‍්‍රයාත්මක වීමට නියමිතය. මිට වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 40 කි.

     

    ආර්ථික සමෘද්ධිය, සමාජ සාධාරණත්වය, පරිසර සංරක්ෂණය හා අධ්‍යාත්මික මිනිසෙකු බිහි කිරීමේ ප‍්‍රධාන අරමුණු හතර යටතේ ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

     

    එම අරමුණ මත ප‍්‍රධාන තේමා 10 ක් යටතේ ව්‍යාපෘති 150 ක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

     

    බස්නාහිර පළාතෙන් ආරම්භ වන මහා නගර සංවර්ධන සැලැස්ම ඉදිරියේදී සෙසු ප‍්‍රදේශ වලටද ව්‍යාප්ත කිරීමට නියමිතය.

     

    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් දෙස් විදෙස් විශේෂඥ දැනුම උපයෝගි කර ගනිමින් පොදු ජන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන මෙම සැලැස්ම සකස් කොට ඇත.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ සියලූ සංවර්ධන සැලසුම්වල අනාගත අපේක්ෂාව වන්නේ සතුටින් ජීවත්වන, විනයගරුක පුරවැසියෙකු අනාගත ශී‍්‍ර ලාංකික පුරවැසියෙකු ලෙස දැකීම බවයි.

     

    ජනතාවගේ ආර්ථිකය ඉහළ නංවමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කරන අතරතුරම ඔවුන්ට සතුටින් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ ගොඩන`ගාදෙන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    මහ නගර සංවර්ධන සැලැස්ම එළිදැක්විම සනිටුහන් කරමින් නා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සර්ව ආගමික වතාවත් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, දෙස් විදෙස් තානාපතිවරුන්, ආයෝජකයින් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

     

     

    he c

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya