ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව මැනිං වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීම් ඇරඹේ.

    ජනවාරි 31, 2016
    අද මෙතන නිර්මාණය වෙන්නට නියමිත ඒ මහා වෙළඳ සංකීර්ණය මගින් පෑලියගොඩට තවත් ශක්තිමත් වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වීමේ ඉඩහසර ලැබෙනවා. ඉදිරි වසර තුනක කාලය තුළ මේ ප‍්‍රදේශය ප‍්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පිටකොටුවේ පිහිටා ඇති මැනිං වෙළඳපොල සංකීර්ණය පෑලියගොඩ නව මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඉදිරිපිට භූමිභාගයේ ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් ගොඩනගන නව මැනිං වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමතමිනි.
     
    අද වෙනකොට මේ ස්ථානයට මාළු වෙළඳාම පිළිබඳ මධ්‍යස්ථානය පැමිණ තිබෙනවා. දැන් අපි එළවළු පළතුරු පිළිබඳ ඒ මධ්‍යස්ථානය මේ ස්ථානයේ ගොඩනඟනවා. ඊලඟ පියවර තොග වෙළඳාමේ සහල් ඵෑණු පරිප්පු වැනි තොග වෙළඳාමේ මධ්‍යස්ථානය බවටත් මේ ප‍්‍රදේශය පත් කිරීම. ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ මධ්‍යස්ථානය බවටත් මේ ප‍්‍රදේශය පත් කිරීම. ඒ නිසා මේ පෑලියගොඩ ප‍්‍රදේශයේ ආර්ථිකය සහමුලින්ම වෙනස් වෙලා, මේ බස්නාහිර මහා නගරයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පෑලියගොඩ ප‍්‍රදේශය පත් වෙනවා.
     
     ඒ වගේම අපි බලපොරොත්තු වෙනවා ඉතා නුදුරු කලකින් කැළණි නව පාලම ඉදිකරන්න. ඒ කැළණි නව පාලම අපි වරාය හරහා ගෝලෆේස් ප‍්‍රදේශයටම, ඉදිකිරීමට බලාපොරොත්තුවෙන වරාය නගරයටම ගෙනයන්න නියමිතයි. ඒ අනුව ගුවන්තොටුපල ප‍්‍රදේශය අපි ගුවන් නගරයක් ලෙස ගොඩනඟනවා. වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශය වරාය නගරයක් ලෙස ගොඩනගනවා. ඒ වගේම මේ ප‍්‍රදේශය, කැළණිය, වත්තල, රාගම ප‍්‍රදේශය සැපයුම් නගරයක් හැටියට ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ප‍්‍රදේශ මහත් සංවර්ධනයකට, මහත් ඉදිරිගමනකට සූදානම්වෙන මොහොතක් මේ.ඒ නිසා අපි අපේ ජීවත ඒ සමඟම වෙනස්කරගත යුතුයි. 
     
    මේ වසර සංවර්ධනයෙන් ඉදිරියට ගෙනයන්න ඉදිරි වසර කීපය තුළ බරපතල වෙනසක් අපේ නගර නිර්මාණයේත්, රටේ ආර්ථික නිර්මාණයේත් සිදුකරන්නට අපි කැපවෙන බව ප්‍රකාශ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
     නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 25ක භූමියක් තුළ ක‍්‍රියාත්මක වන පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ මූලික වෙළඳ සැලසුම ලෙස කඩ කාමර 1500ක් පමණ ඉදිකිරීමට යෝජිතය. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක් වැය වෙතැයි ගණන් බලා ඇති අතර, නව වෙළඳ සංකීර්ණය ව්‍යාපාරික ප්‍රජාවවටත්, පාරිභෝගික ජනතාවටත්, පහසුවන අයුරින් නවීන පහසුකම් සහිතව සැලසුම් කර තිබේ.
     
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya