ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම සදගිරි සෑය ජනපති අතින් විවෘත කෙරේ

    ජනවාරි 31, 2016

    සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම ඓතිහාසික සදගිරි සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා යළි විවෘත කිරීමේ  පුණෝත්සවය අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ පුධානත්වයෙන් සිදුවිය.

    සංරක්ෂණය කරන ලද සදගිරි සෑය ස්ථූපයෙහි සමරු ඵලකය නිරාවරණය කර එය විවෘත කළ  ජනාධිපතිතුමා ඊට පුථම පුෂ්පෝපාහාරය සිදු කළේ ය.

     

    තිස්සමහාරාම සදගිරි උභය රජමහා විහාරාධිපති මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.

     

    ඓතිහාසික කෞතුක වස්තු හා පුස්කොල පොත් වහන්සේලා ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කළේ ය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

     

    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් ද සිල්වා යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

     

    A sadahiru 11

     

     

     

    ඡායාරූප - සුදත් සිල්වා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya