ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මා ආපසු යන්නේ රට වෙනුවෙන් බොහෝ දේ දිනාගෙන – ජනපති ඔස්ටි‍්‍රයාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට කියයි Featured

    පෙබරවාරි 21, 2016

    ජර්මනියේ තෙදින රාජ්‍ය සංචාරය මෙන්ම ඔස්ටි‍්‍රයාවේ දෙදින නිල සංචාරය සාර්ථකව නිමවා තමා නැවත ශී‍්‍ර ලංකාවට යන්නේ මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ ජයග‍්‍රහණ අත්කර ගනිමින් බව ජනාධිපතිතුමා පැවසීය.

     

    ජර්මනියේ තෙදින රාජ්‍ය සංචාරයෙන් අනතුරුව ඔස්ටි‍්‍රයාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා සිය පස් දින සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ඊයේ (20) පෙරවරුවේ ඔස්ටි‍්‍රයාවේ වියනා නුවරදී එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සම`ග පැවති හමුවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

     

    වියනා නුවර ජාතික පුස්තකාල පරිශ‍්‍රයේ පැවති මෙම හමුවට එරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජන කොටස් නියෝජනය කරමින් ශී‍්‍ර ලාංකිකයින් එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගත්හ.

     

    එම දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතිකාංග රැුසකින්ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශී‍්‍ර ලාංකිකයින් විසින් සකස් කරන ලද දේශීය කැවිලි, පෙවිලි වලින් ජනාධිපතිතුමාට සංග‍්‍රහ කෙරිණි.

     

    කේක් කපා ජනාධිපතිතුමා වෙත සුබ පැතීම ද සිදු කළහ. ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලාංකික එකමුතුව විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි.

     

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ ශී‍්‍ර ලංකාව දියුණු කිරීමේදී ලෝකයේ සෑම රටකම සහ ජාත්‍යන්තර සංවිධානයකම සහාය ලබා ගැනීම තම අපේක්ෂාව බවයි.

    pmdnews

    මීට වසරකට පෙර පැවති තත්ත්යට වඩා ශී‍්‍ර ලංකාවේ විදේශ සබදතා අද බොහෝ වෙනස් බව සදහන් කළ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාවට සතුරන් නොමැති බවත් සියලූ රාජ්‍යයන් මිත‍්‍රශිලිව ශ‍්‍රී ලංකාවට අත දිගු කරමින් සිටින බවත් පැවසීය.

     

    ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලංකා තානාපතිනි පි‍්‍රයානි විජේසේකර මහත්මිය ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya