ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පති විභාගය සමත් 4076 කට පත්වීම් කඩිනම් කිරීමට ඇමති උපදෙස් Featured

    පෙබරවාරි 22, 2016

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii පන්තියට බඳවාගැනීම සඳහා 2015 නොවැම්බර් මස පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූ 4076 දෙනෙක් සදහා පත්වීම් ලිපි 2016 මාර්තු මාසය අවසන්වීමට පෙර ලබාදීමට කටයුතු යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    2005 වර්ෂයේ අවසන් වරට විදුහල්පති සේවයේ iii පන්තියට බඳවාගැනීම සඳහා තරග විභාගයක් පවත්වා ඇති අතර ඉන් පසු විදුහල්පති තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කර ඇත්තේ රාජකාරි ආවරණය කිරීමේ පදනම යටතේය. ඒ අනුව පුරප්පාඩු 5600 ක් සම්පූර්ණ කිරීම සඳහා පැවැත්වූ තරග විභාගයට  අයදුම්කරුවන් 19,000 ක පිරිසක් පෙනී සිටියහ. ඉන් සමත් වූ 4076 දෙනා වෙනුවෙන් පත්වීම් ලබාදීමට නියමිත අතර තෝරාගන්නා පත්වීම්ලාභීන්ට සති දෙකක සේවා ආරම්භක පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව ඔවුන් අදාළ පාසල් වෙත රාජකාරිය සඳහා යොමු කෙරෙනු ඇත.

    කලක් තිස්සේ විදුහල්පති සේවයේ උසස් කිරීම් ක්‍රියාවලිය ඇණහිට තිබුණු අතර එම සියලු අඩුපාඩු මගහරවා ඉදිරියේදී නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුකූලව බඳවාගැනීම් සඳහා තරග විභාගය වාර්ෂිකව පැවැත්වීමටත් සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව කිසිදු ආකාරයක හෝ බඳවාගැනීමක් සිදු නොකරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට සෘජුවම උපදෙස් ලබා දී තිබේ.

    2015 නොවැම්බර් මස පැවැත්වූ ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවා ගැනීම සඳහා වූ සීමිත තරඟ විභාගයෙන් සෑම විෂයකටම 40% හෝ ඊට වැඩි ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය www.moe.gov.lk වෙත පිවිස ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya