ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මැදිරිගිරිය ජනාවාසීකරණයට නතුවන ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් පැවරීම ජනපති ප්‍රධානත්වයෙන් Featured

    මාර්තු 27, 2016

    මොරගහකන්ද, කලූගග ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය, බිසෝපුර ජනාවාසීකරණයට නතුවන ගොවි ජනතාව වෙත ඉඩම් හිමිකම් පැවරීම සහ සුථ ගොවි සංවිධාන සදහා කෘෂි උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) මැදිරිගිරිය, බිසෝපුර, දහම්වැව ප්‍රදේශයේ දී පැවැත්විණි.

     


    ජනපදිකයින් 28 දෙනෙකුට ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය සංකේතවත් කරමින් ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර බී. තිලකරත්න ගොවි මහතා වෙත පළමු ඉඩම් හිමිකම් පත්‍රය ජනාධිපතිතුමා අතින් පිරිනැමිනි.

     

    ලෝක ආහාර සංවිධානයේ අනුග්‍රහය යටතේ ගොවි උපකරණ බෙදාදීම සිදුවූ අතර එයද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිනි.

     

    මහවැලි ගොවි ජනතාවගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිරිනමමින් උපහාර තිළිණයක් ද පිළිගැන්විණි.

    පාර්ලිමේන්තු මන්තී්‍රවරුන්වන සිරිපාල ගම්ලත්, සිඩ්නි ජයරත්න, නාලක කොළොන්නේ, චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරුන් ඇතුලු පළාතේ මහජන නියෝජිතයින් රැසක් ද මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ නිලධාරිහු මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya