ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුලි කප්පාදුවක් නොවීමට කටයුතු කරනවා- විදුලිබල ඇමැති

    මාර්තු 28, 2016

    ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් වැසි නොලැබීම හේතු කොටගෙන ඉදිරියේදී අඩු වුවහොත් එය ජාතික විදුලිබල පද්ධතියට බලනොපාන  ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යළි අවධාරණය කරයි.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා වව්නියාව නගර ශාලාවේ පැවති නැගෙනහිර පළාතේ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ උත්සවයට එක්වෙමිනි.

    දිනකට මෙගාවොට් 2200ක පමණ ඉල්ලූමක් පවතින නමුත් මේ දිනවල එම තත්ත්වය ඒකක 200කින් පමණ වැඩි වී තිබෙන බවත් කෙසේ නමුත් එම තත්ත්වය කළමනාකරණය කරමින් එයට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා ‍සඳහන් කළේය.

    සියලු දෙනාම එක්ව කැපවීමෙන් මෙගාවොට් 400ක ඉතිරියක් කර ගැනීමට හැකි කිසිම අභියෝගයක් නැති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya