"සහයෝගීතාව තුලින් නවොත්පාදනයේ ප්‍රමුකත්වයට" නම්වු පාඨය පෙරටු කර විශ්ව විද්‍යාලයීය අනෙකුත් පීඨයන් මෙන්ම පරිබාහිර ආයතනයන් හා සහයෝගීතාවය වර්ධනය කිරීමෙහිලා මෙම පීඨය නිරත වනු ඇත.
මෙසේ පිහිටවනු ලබන නවතම පීඨය මගින් අනෙකුත් පීඨයන්ට අයත් පරිගණක හා තාක්ෂණ වැඩ සටහන්වල උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් හට සුවිශේෂි වු පරිගණක හා තාක්ෂණ ශිල්ප ක්‍රම සපයනු ඇත.
2015 අධ්‍යයන පොදු සහතික (උ/පෙ) සමතුන් හට 2015/2016 අධ්‍යයන වර්ෂය සදහා තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණවේදී සහ ඉංජිනේරැ තාක්ෂණවේදී උපාධි පිරිනැමීම මෙම පීඨය මගින් ආරම්භ කෙරෙනු ඇත.
මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරැ යන මහත්වරැන්ද සහභාගි විමට නියමිතය.
AP
.