ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උතුරු දකුණු මාධ්‍ය සංහිඳියා චාරිකාව සාර්ථකයි - ජනමාධ්‍ය ඇමැති Featured

    අප්‍රේල් 01, 2016

    දකුණේ මාධ්‍ය සහෝදරත්වය සහ උතුරේ මාධ්‍ය සහෝදරත්වය  එකට යා කෙරෙන "තල්පතයි පන්හිඳයි එකට යා කෙරෙන  සංහිඳියාවේ චාරිකාව"  සාර්ථක වූ බවත් මෙම චාරිකාව තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුවත් අඩු පාඩු වැඩි වශයෙන් වාර්තා කිරීමක් දක්නට ලැබුණු බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    යාපනයේ ආගමික නායකයින්, ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරයා, දේශපාලකයින්, මාධ්‍ය සංවිධාන හමුවීම්, මාධ්‍ය ආයතන නිරීක්ෂණ එම නිලධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම, සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම, යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    මාධ්‍යවේදීන්ට සහන මිලට පා පැදි ප්‍ර‍දානය කිරීමේ ආරම්භක වැඩසටහන,  ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් සඳහා ඉදිකෙරෙන නිවාස සඳහා මුල්ග තැබීම ද සිදු කළ බවත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් අතර සාකච්ඡා පැවැත්වීම යනාදී වැඩසටහන් පැවැත් වුවත් සමහර මාධ්‍ය තුළින් සිදු නොවූ අසත්‍ය වාර්තා කර තිබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    එසේම මෙම මාධ්‍ය සංහිඳියා චාරිකාව කොළඹ කොටුව දුම්රිය මාර්ගයෙන් ගමන් ආරම්භ කළ අතර ගමන අතරමග මාධ්‍යවේදීන් තිදෙනෙක් පමණක් බැස ගිය අතර එවැනි ක්‍රියාවක් සැලසුම් කර තිබෙන බවට එම දිනට පෙර දැන ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya