ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දිවි නැගුම සේවකයින්ගේ වැටුප දිවි නැගුම බැංකුවට

    අප්‍රේල් 01, 2016

    දිවිනැගුම සේවකයින්ගේ මාසික වැටුප් රාජ්‍ය බැංකුවලට නොයවා වහාම දිවිනැගුම බැංකුවලට යවන ලෙස අමාත්‍ය සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස් .බී. දිසානායක මහතා අමාත්‍යාංශ ඉහල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඒ අනුව රාජ්‍ය බැංකු දෙකක් වෙත මෙතෙක් මාස්පතා යවන ලද දිවයින පුරා සේවය කරන දිවිනැගුම නිලධාරින්ගේ මාසික වැටුප් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ රාජ්‍ය බැංකු වෙත නොයවා ලබන මාසයේ සිට දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකුවල තැන්පත් කිරීම සිදු වේ.

     

    ඇමතිවරයා මෙම පියවර ගත්තේ ඊයේ  (31) දිවිනැගුම කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරින්  හා පැවති සාකච්ඡාවකදීය.

     

    දිවයින පුරා සිටින දිවිනැගුම සංවර්ධන නිලධාරින් 20,869 ක් දිවිනැගුම කළමණාකරුවන් 2,427 දෙනෙක් ඇතුළු ලිපිකරු හා රියදුරු තනතුරු හා වෙනත් තනතුරු දරණ 24,000 කට ආසන්න පිරිසක් දැනට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරති.

     

    දැනට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව තාමත් සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කරන සියලු සේවකයින්ට ඉක්මන්, ඇපකරුවන් රහිත, අඩුපොළී, පැයකින් රුපියල් 10000 සිට 25000 ක් දක්වා ලබාගත හැකි ණය ක්‍ර‍මයක් දිවිනැගුම ප්‍ර‍ජාමූල බැංකු හරහා ආරම්භ කිරීමට ඇමතිවරයා අදහස් කරන අතර ලබාදුන් එම ණය නැවත අයකර ගැනීමේ පහසුව පිණිස එම ණය ක්‍ර‍මය ආරම්භ කිරීමට පෙර රාජ්‍ය බැංකු වෙත යවන මාසික වැටුප් මෙසේ  දිවිනැගුම බැංකු වෙත වහාම මාරු කරන ලෙස ඇමතිවරයා අදාළ නිලධාරින් හට උපදෙස් ලබා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya