ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලොව කිසිඳු රටක් නොදුන් තරම් ආරක්ෂාවක් හිටපු ජනපතිට දුන්නා – ජනපති Featured

    අප්‍රේල් 12, 2016

    ජනාධිපති ධූරයට පත්ව වසරකුත් මාස 03 ක් ඉක්ම ගියද තවමත් තම ආරක්ෂාවට එකම හමුදා භටයෙකුවත් යොදවා නොමැති බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හමුදා ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා සතු හොඳම අධි ආරක්ෂිත වාහනද යොදවා තිබෙන්නේ ඔහුගේ පරිහරණය සඳහා බවත් පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට තමන්ට චෝදනා නැගුවද පරාජයට පත් වූ රාජ්‍ය නායකයාට ආරක්ෂක අංශයන්හි තමන්ට කැමති නිලධාරින් පිරිසක් තෝරාගෙන හෙලිකොප්ටරයෙන් ගෙදර යාමට අවස්ථාව සලසා දුන් එකම ජනාධිපතිවරයා තමන් බවත් එවන් සිදුවීමක් ලෝකයේ කිසිදු රටකින් වාර්තා වී නොමැති බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, බිබිල නගර මධ්‍යයේ පැවති බිබිල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට එක් වෙමිනි.

     

    ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට වසර දෙකක් තිබියදී මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකට යාමට තීන්දු කළේ සාස්තරකරුවන් කී පමණින්ම නොව 2015 මාර්තු මාසයේ නිකුත්වන ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවත්, අද රජයට චෝදනා නඟන ආර්ථික අර්බුදය ඇතිවීම පිළිබඳවත් කල් තියා දැනුවත්ව සිටීම නිසා බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    අද මතුව තිබෙන ආර්ථික ගැටලු අපේ රට පමණක් නොව ලෝකයේ සියලු රටවල් මුහුණ දි සිටින පොදු ගැටලුවක් බවත් මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියද අපේ රටේ ද එම තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ප‍්‍රකාශ කළේය.

     

    මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වුවහොත් යුද්ධය දිනපු නායකයින් විදුලි පුටුවටත්, රණවිරුවන් යුද අධිකරණයටත් ගෙන යන බවට එදා වේදිකාවල කෑ ගැසුවද විදුලි පුටුවත්, ජාත්‍යන්තර අධිකරණයත් මේ රටේ ජනතාවගේ හදවත් තුළින් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාත් විදුලි පුටුව වෙනුවට පාර්ලිමේන්තුවේ අසුන් ගැන්වීමට හැකිවූයේ තමා ජනාධිපති ධූරයට පත්වූ නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ අලුත් පක්ෂ හදා කිසිදා එය ජයග‍්‍රහණය කළ නොහැකි අතර එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අලුත් පක්ෂයක් හැදුවත් අවසානයේ ජනාධිපති ධූරයට පත්වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බව ද සිහිපත් කළේය.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජයග‍්‍රහණය කරවූයේ රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ නිසා බව පැවසූ ජනාධිපතිතුමා අද කිසිවෙකුට බියක් සැකක් නොමැතිව ජීවත්විය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස රට තුළ තහවුරු වී තිබෙන බවද පැවසීය.

    පසුගිය වසරක කාලය තුළ ජාත්‍යන්තරය දිනා ගැනීමට රජය කටයුතු කළේ ප‍්‍රතික්ෂේප වූ රටේ ගෞරවය නැවත දිනා දීමට බව පැවසූ ජනාධිපතිතුමා ලබන මාසයේ ජපානයේ පැවැත්වෙන ලෝක බලවතුන් 07 දෙනාගේ සමුළුවට ඉතිහාසයේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයාටද ලෝක බලවතුන් 07 දෙනාගෙන් ආරාධනා ලැබී ඇති බවද ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැඟීමට පක්ෂය පරාජයට පත්වූ කරුණු සොයා බැලිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ස්තී‍්‍ර දූෂණ, මිනී මැරුම් සහ මංකොල්ලකෑම්වලට ප‍්‍රාදේශිය දේශපාලන නියෝජිතයින් යොමුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ බවත් එදා පක්ෂයේ ලේකම්වරයා ලෙස ඔවුන්ට එරෙහිව ගත් විනය පරීක්ෂණ පිළිබඳ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ විට ඒ පිළිබඳ හිටපු නායකයින් අවධානය යොමු නොකළ බවත් ප‍්‍රකාශ කළේය.

    බණ්ඩාරනායක දර්ශනය සමඟ පිරිසිදු, නිර්මල පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාමේ වගකීම ඉටු කරන බව පැවසූ ජනාධිපතිතුමා හොඳ ආණ්ඩුවක් හැදීමට හොඳ පක්ෂයක් හැදිය යුතු බවද ප‍්‍රකාශ කළේය.

    දේශපාලන පක්ෂ වශයෙන් වෙන වෙනම න්‍යාය පත‍්‍ර තිබුණද අංක එක හිමිවිය යුත්තේ රටත්, ජනතාවත් වෙනුවෙන් බවත් වෛරයෙන්, ක්‍රෝධයෙන් කා කොටා නොගෙන රට ගොඩනැඟීමට සියලුදෙනා එකම අරමුණක් යටතේ එක් විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    අමාත්‍ය විජිත් විජයමුණිද සොයිසා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීන් ද, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද, ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර බිබිල නගර මධ්‍යයේ ඉදිකෙරුණු සතොස වෙළෙඳ සංකීර්ණයද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිනි.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya