ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නුසුදුස්සන්ට උසස්වීම් හෝ සහන නැහැ- අධ්‍යාපන ඇමැති

    අප්‍රේල් 20, 2016

    දේශපාලන පළිගැනීම් කමිටුවේ නිර්දේශ මත කිසිදු නුසුදුස්සෙකුට උසස්වීම් හෝ සහන නැති බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    1994 වසරේ සිට 2015 වසර දක්වා අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දේශපාලන පළිගැනීම් හෝ වෙනත් කරුණු මත අසාධාරණයට ලක්වූවන්ගේ පැමිණිලි 11,000 කට ආසන්න ප‍්‍රමාණයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවට ලැබී තිබුණි.

    එම පැමිණිලි පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා විධිමත් මූලික තොරතුරු විමර්ශනයක් සිදුකර තිබේ.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ද තවදුරටත් අදාළ තොරතුරු විමර්ශනය කිරීම් සිදු කළ අතර ඒ හරහා තෝරාගත් පුද්ගලයින් 4,600කට ආසන්න සංඛ්‍යාවක් සඳහා සහන සැලසීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද මේ පිළිබඳ නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති අතර, මේ හරහා ගෙවුණු දශක දෙකක කාලයක් තුළ දේශපාලන පළිගැනීම් හෝ වෙනත් කරුණු මත අසාධාරණයට ලක් වූ අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ නිලධාරීන්ට සහන සැලසීමට නියමිත බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     
    මේ වන විටත් නිර්දේශිත පිරිස අතරින් සියයට හැත්තෑවකට ආසන්න පිරිසක් විශ‍්‍රාම ගොස් තිබෙන අතර ඔවුන් වෙනුවෙන් අදාළ වැටුප් වර්ධක ලබාදීම පමණක් සිදුකිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya