ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනතා සහන දෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කඩිනම් පියවර - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    අප්‍රේල් 21, 2016

    ජනතා සහන දෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කඩිනමින් පියවර ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

     

    තිරසාර මානව සංවර්ධනය සඳහා වූ අනාගත දැක්ම සහ නවෝත්පාදන පිලිබඳ ජාතික සමුළුව එළිදැක්වීම රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී  සිදු වූ අතර සමුළුව මේ මස 24 සහ 25 දෙදින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

     

    පසුගිය පාලනය නිසා අපේ ණය බර වැඩි වෙලා, අදායම අඩුවෙලා ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කරන්න යම් යම් ප්‍රතිකර්ම යෙදීමට රජයට සිදුවෙනවා. ශ්‍රී ලංකාව අද ඉතා තීරණාත්මක අවස්ථාවක පසුවෙනවා. අපට අවශ්‍ය අනාගතය ගොඩනැගීම සඳහා බාහිර ලෝකයත් සමග වඩාත් විවෘතව කටයුතු කල යුතු බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

     

    මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ ජෝන් සේරෙන්සන් මහතා,

     

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය ලෙස අන්තර් ජාතික සංවිධාන සමුහයක් මෙම අවස්ථාවට සම්බන්ධ කිරීමට හැකිවීම පිලිබඳ මම සතුටු වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස් කරුවන් සම්බන්ධීකරණය කිරීමට හැකිවීමත් සතුටට කරුණක් බවද යෙරන් සේරෙන්සන් මහතා පැවසීය.

     නවෝත්පාදන තුලින් ශක්තිමත් අනාගත දැක්මක් නිර්මාණය කිරීම සඳහා සර්වෝදය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය එක්ව පළමු වරට මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම් අයි එම් රෆික්, ව්‍යාපෘති ලේකම් ශාන්ත බණ්ඩාර, සර්වෝදය ව්‍යාපාරයේ ලේකම් වින්‍යා ආරියරත්න, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ධාරා විජේතිලක යන මහත්ම මහත්මීන් සහ  එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya