ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ‍්‍රී ලංකාවේ මතස්‍ය අපනයනයේ ”රතු නිවේදනය” ඉවතට Featured

    අප්‍රේල් 23, 2016

    යුරෝපා සංගමයට අයත් රටවලට ශ‍්‍රී ලංකාවේ මත්ස්‍යයින් අපනයනය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ රතු නිවේදනය ඉවත් කිරීමට යුරෝපා කොමිෂන් සභාව ගත් තීරණය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය සතුට පළ කරයි.

    මෙම රතු නිවේදනය ඉවත් කිරීම නිසා යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 ට මත්ස්‍යයින් යළිත් අපනයනය කිරීමට ශ‍්‍රී ලංකාවට ඉඩ කඩ සැළසෙන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

    ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයෙන් සියයට 68ක් යුරෝපා සංගම් වෙළදපොළ වෙත අපනයනය කළ අතර එහි වටිනාකම ඩොලර් මිලියන 108කි. මෙමගින් ධීවරයින් දහස් ගණනකට සහ ඔවුන්ගේ පවුල් සඳහා ජීවනෝපාය සැලසීම සිදු වේ.

    යුරෝපා සංගමය 2012 වසරේ පළමුවෙන්ම ශ‍්‍රී ලංකාවට කහ නිවේදනයක් නිකු කළ අතර මසුන් ඇල්ලීමේදී නීත්‍යානුකූල නොවූල වාර්තාගත නොවූ සහ ක‍්‍රමවත් නොවූ රීතී පිළිනොපදින ලෙස කිහිපවිටක්ම ලබා දුන් අවවාද පිළිපැදීමට අසමත්වීම හේතුවෙන් 2014 ඔක්තෝම්බර් මාසයේදී යුරෝපා සංගම් රටවලට මත්ස්‍යයින් අපනයනය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    2015 ජනවාරී 08 වන දින තේරී පත් වූ නව රජය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දින 100 වැඩසටහනේ 65 වන අංකය යටතේ සකස් කොට ඇති ”දැනට අපේ මසුන් ආහාර සොයා ගන්නා යුරෝපා සංගම් වෙළදපොළ වෙත යළි ප‍්‍රවේශ වීමට පියවර ගනු ලැබේ” යන්න පිළිබදව අප කැපවී කටයුතු කිරීමට කඩිනම් පියවර ගත් බව ඒ මහතා සඳහන් කරයි.

    ජනවාරී 13 වන දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා විදේශ කටයුතු පිළිබද යුරෝපා සංගම් ඉහළ නියෝජිත ෆ්රෙඩ්රිකා මොග් හර්හිනී මහත්මිය අමතා මෙම තහනම සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට යුරෝපා සංගමයට ශ‍්‍රී ලංකාව සමඟ සාමූහිකව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් ලිපියක් යැවූ අතර එය මෙම තහනම ඉවර කිරීමේ අරම්භය විය.


    ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජනවාරි මස අග භාගයේදී බ‍්‍රසීලයේ සංචාරයක නිරත විය. මෙය ඔහුගේ දෙවන විදේශ සංචාරයයි. මෙම සංචාරය අතරතුරදී තහනම ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්විණ. ශ‍්‍රී ලංකාවේ ධීවර කටයුතු පිළිබද ජාත්‍යන්තර ධීවර වගකීම් ඉටු කෙරෙන බවට වග බලා ගැනීමත් යුරෝපා සංගමය සමග කෙරෙන සාකච්ඡාවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමත් සඳහා ධීවර කටයුතු අමාත්‍යවරයා අදාළ රජයේ දෙපාර්තමේන්තු පසු ගිය වර්ෂ දෙකකුත් මාස තුනක කාලය තුළ මහත් පරිශ‍්‍රමයක් දරණ ලදී.


    තහනම ඉවත් කිරීම පිළිබඳ යුරෝපා සංගමයේ නිර්දේශය මෙම ක‍්‍රියාවලියෙහි පරිසමාප්තිය හෙවත් ඉහළම ජයග‍්‍රහණය බව පෙන්වා දෙන අමාත්‍යවරයා යුරෝපා කොමිෂන් සභාවේ නිර්දේශය යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කරන ලද අතර එය ජූලි මාසය වන විට නීත්‍යානුකූල බවට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කරයි.


    GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමටත් ශ‍්‍රී ලංකාවේ සුලභ සමුද්‍රීය සම්පත් වලින් ප‍්‍රතිඵල ලබාගැනීමෙහිලා රජයේ ක‍්‍රමෝපායන් වලින් එකක් වන සමුද්‍රික සම්පත් තිරසාර ලෙස සංවර්ධනය කිරීමත් සඳහා කටයුතු කිරීමටත් ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya