ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගැනීම අනිද්දා Featured

    අප්‍රේල් 23, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ නිමල් බෝපගේ මහතා අනිද්දා (25) පෙ.ව. 11.30 ට එම අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීමට නියමිතය.

    කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වන බෝපගේ මහතා වෘත්තියෙන් නීතිඥයෙක් මෙන්ම ගණකාධිකාරීවරයෙක් ලෙස කටයුතු කරන අතර නීතිය හා  ගණකාධිකරණය පිළිබඳව ප්‍රකට දේශකයෙකි.

    වර්තමානයේ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඒ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා මානව සම්පත් සංවර්ධන සභාව යන ආයතනවල සභාපති ධූරය හොබවා ඇත. එමෙන්ම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක් වන බෝපගේ මහතා රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක තනතුරු කිහිපයක් හොබවා ඇති අතර  දිවයිනේ ප්‍රදේශ කිහිපයක උපදිසාපතිවරයෙක් ලෙස ද සේවය කර ඇත.

    ‍නව ලේකම්වරයාගේ වැඩභාර ගැනීමේ අවස්ථාවට සහභාගි වන ලෙස දෙස් විදෙස් මාධ්‍ය සහෘදයන් වෙත ද ආරාධනය කර තිබේ.


    "අවුලුවන්නට නොව නිවාලන්නට වෙහෙසෙන‍
          කඩන්නට නොව හදන්නට වෙර දරන
    බෙදෙන්නට නොව එක්වන්නට ඇරයුම් කරන
         කේන්ද්‍රය මෙන්ම පරිධියද සවිමත් කරන
    සාධනීය දැක්මක් සමඟ
        2016 අප්‍රේල් මස 25 දින පෙරවරු 11.30ට
    නව ජනමාධ්‍ය ලේකම්වරයා සිය මෙහෙවර අරඹන වගයි !

    රාජ්‍ය හා පෞද්ගලික,
    විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, වෙබ් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය ඇතුළු
    දෙස් විදෙස් මාධ්‍ය සහෘදයන් වෙත කෙරෙන
    හෘදයාංගම ඇරයුමයි!

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya