ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගාලු පළාතේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද හිනිදුම චන්දානන්ද හිමිපාණන් වහන්සේට ජනපති උපහාර

    අප්‍රේල් 25, 2016

    සද්ධර්ම කීර්ති ශී‍්‍ර සුධම්ම ගෞරව නාමය සහිතව තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද හිනිදුම, කපුහෙම්පල ශී‍්‍ර සුමංගලෝදයාරාමාධිපති පූජ්‍ය හිනිදුම චන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා අභිනව නායක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීමෙන් අනතුරුව උන්වහන්සේ වෙත පිරිකර පූජා කළේය.


    අනතුරුව පැවතී උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වෙහෙර විහාර සංවර්ධනය ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ අනෙකුත් පහසුකම් ලබාදීම රජයක යුතුකම බැවින් එය නිසි ලෙස ඉටු කිරීමට වත්මන් රජය කැපවී සිටින බවය.

     

    සමාජය යහපත් කිරීමට මෙන්ම සුවපත් කිරීමට සෑම විටම මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අවශ්‍ය බව පැවසූ ජනාධිපතිතුමා රටට සමාජයට මෙන්ම සම්බුද්ධ ශාසනයට මහඟු සේවයක් ඉටු කරන ආදර්ශවත් භික්ෂූන් වහන්සේ නමක් වන පූජ්‍ය හිනිදුම චන්දානන්ද හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙන්ම සමාජයීය මෙහෙවර ද ඇගයීමට ලක් කළේය

    .

    ගාල්ල, හිනිදුම එප්පාවල ග‍්‍රාමයෙහි 1957 ජූනි මස 21 වන දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1966 වසරේ ගෞරවාර්හ අක්මීමන සුධම්ම මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1977 දී විසි වයස් සම්පූර්ණ වීමෙන් අනතුරුව මහනුවර මල්වතු මහා විහාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

     

    ගාල්ල මහමෝදර ශී‍්‍ර ගුණෝදය පිරිවෙන, කොළඹ නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙන, ගාල්ල විද්‍යාලෝක පිරිවෙන යන බෞද්ධ අධ්‍යාපන ආයතනවලින් පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව නිමවා 1984 ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි විෂය හදාරා ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත් උන්වහන්සේ 1993 දී ශ‍්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත්තේය.

     

    1993 වර්ෂයේ උපාධිධාරි ගුරුවරයෙකු ලෙස ගාල්ල කපුහෙම්පල නන්දිමිත‍්‍ර විද්‍යාලයේ පත්විම ලැබ පසුව එම විද්‍යාලයේම විදුහල්පති ධුරයට පත්වූ උන්වහන්සේ ගමට මහත් අඩුවක්ව පැවති දහම් පාසලක අවශ්‍යතාවය සපුරාලමින් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ශී‍්‍ර සුධර්මෝදය දහම් පාසල ආරම්භ කළ අතර ප‍්‍රදේශයටත්, රටටත් සමාජයටත් මහඟු මෙහෙවරක් ඉටු කරමින් සිටි.

     

    ගාලු පළාතේ ප‍්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රමේෂ් පතිරණ, බන්දු ලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya