ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු ප්‍රතිශක්තීකරණ එන්නත සුදුසු දැයි බලන්න- සෞඛ්‍ය ඇමැති

    අප්‍රේල් 24, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ප‍්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු ප‍්‍රතිශක්තීකරණ එන්නත ශ‍්‍රී ලංකාවට සුදුසු දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම එන්නත භාවිතයට සුදුසු නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස එම අධිකාරියේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

    මෙම ප‍්‍රතිශක්තීකරණ එන්නත පිළිබඳව ශ‍්‍රී ලංකාවේ සිටින ප‍්‍රංශ තානාපතිවරයා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. මෙම එන්නත දැනට විදේශීය රටවල් 04 ක භාවිතා කරනු ලබයි.
    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පැවති ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේ දීය. එහිදී ඩෙංගු රෝග මර්දනය සඳහා විධිමත් සැළැස්මක් සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ ක්ෂේත‍්‍ර රාජකාරී සදහා සේවක සේවිකාවන් 1000 ක් බදවා ගැනීමට අවශ්‍ය කැබිනට් පත‍්‍රීකාව සකස් කරන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya