ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදුලි ගැටලු විසඳීමට ඡංගම සේවයක්

    මැයි 10, 2016

    විදුලි පාරිභෝගික ගැටලු විසඳීම සඳහා සෑම මසකට වරක් දිස්ත‍්‍රික් මට්ටමෙන් ජංගම සේවයක් පවත්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ අනුව දිරා ගිය විදුලි කණුවේ පටන් අධි වෝල්ටීයතාවය නිසි  තත්ත්වයට පත්කිරීම වැනි සියලුම විදුලි ගැටලුවලට ක්ෂණික, කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් කාර්යක්ෂමව ලබාදීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හැටියට ලංවිම සමග මසකට වරක් එක් දිස්ත‍්‍රික්කය බැගින් තෝරාගෙන ක‍්‍රියාකාරි විදුලි ජංගම සේවයක් පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊයේ (09) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයීය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකට ඒ වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,

    "ඒ අනුව පළමු ජංගම සේවාව අපි ජූනි මස 18 දින පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරනවා. නියෝජ්‍ය අමාත්‍යතුමන්. ප‍්‍රාදේශීය දේශපාලනාධිකාරිය, අමාත්‍යාංශ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරි මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වන මෙම ජංගම සේවය තුළින් ජනතාවගේ ප‍්‍රශ්නවලට සවන්දීලා, වඩාත් කාර්යක්ෂම අයුරින්  දිස්ත‍්‍රික් මට්ටමෙන් විදුලි ගැටලු විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ප‍්‍රධාන ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය, අද රටේ ප‍්‍රධානම යටිතල පහසුකම් සපයන්නා කිව්වොත් වරදක් නැහැ. පාරිභෝගිකයින් සංඛ්‍යාව නිවාස වශයෙන් ලක්ෂ 55 ඉක්මවා යනවා. කර්මාන්ත හා වානිජ මට්ටමෙන් තවත් ලක්ෂ 05 ක් පමණ සම්බන්ධ වෙනවා. ඒ අනුව මේ රටේ දැවැන්තම, විශාලතම යටිතල පහසුකම් සපයන්නා බවට ලංවිම පත්වෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ යටිතල පහසුකම අද ජන ජීවිතයේ අත්‍යාවශ්‍යම, ප‍්‍රධානම යටිතල පහසුකම බවට පත්වෙලා තිබෙනවා. ජනතාවට සුළු මොහොතක්වත් විදුලිය නොමැතිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.  ඒ නිසා පැය 24 ම අඛණ්ඩ විදුලිබලයක් ලබාදීමේ සහ ඊට අදාළ සෙසු කාර්යයන් නිසි පරිදි ඉටුකිරීමේ වගකීම අපට පැවරිලා තිබෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya