ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව නිපැයුම් තරගයේ ප‍්‍රථමයාට තිළිණයක්

    මැයි 11, 2016

    ජාතික මට්ටමින් 2014 වර්ෂයේදී පවත්වනු පාසල් නව නිපැයුම් තරගාවලියේ විශේෂ කෝපි නෙලන යන්ත‍්‍රයක් (Coffee Plucker)  නිර්මාණය කර  ප‍්‍රථම ස්ථානය දිනාගන්නට මධ්‍යම පළාතේ ඩි.බී. විජේතුංග ජාතික පාසලේ ඒ.ජී.එන්.ඩි. වික්‍රමරත්න සිසුවා සමත් විය.

    මෙම සිසුවා ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් ඊයේ (10) අධ්‍යාපන අමාත්‍යංශයේදී තිළිණ ප‍්‍රදානය සිදු කෙරුණි.

     

    අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම එක්ව මෙම පාසල් තරගාවලිය පාසල්, කලාප, පළාත් වශයෙන් තරග පැවැත්වීණි.

     

    ෆයිබර් ග්ලාස් සහ යකඩ උපයෝගී කරගනිමින් අඩු පිරිවැයකින් අස්වනු අපතේ නොයා කෝපි නෙලීමේ උපකරණය ඔහුගේ නව නිපැයුමයි.

     

    මෙම යන්ත‍්‍රය නිර්මාණය කිරීම වෙනුවෙන් 2014 වසරේදී ඔහු නව නිපැයුම් සඳහා වන ජනාධිපති සම්මානයද දිනා ඇත. එම සිසුවා ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවති උත්සවයට අධ්‍යාපන ලේකම් ඩබ්.එම්. බන්දුසේන මහතා, තාක්ෂණ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ඩි. නන්දසේන මහතා සහ ඩි.බී. විජේතුංග ජාතික පාසලේ විදුහල්පති ජේ.ඒ. ආරියරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    =

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya