ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාළගුණය සමඟ පාසල් පැවැත්වීමේ තීරණය ගැනීමට ඇමැති උපදෙස්

    මැයි 16, 2016

    පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.



    ඒ අනුව අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසල් පිළිබඳ පළාත්  අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට හෝ දැනුම් දී ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට අවස්ථාව ලැබේ.

    මේ වනවිට දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නායයම්, පස්කඳු කඩා වැටීම් සහ ගංවතුර වැනි ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර  මේ තත්ත්වය මත පාසල් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ගන්නා ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya