ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පැහැරගන්නා ලද ළමුන්ගේ දෙමාපියන් හා ඥාතින් ආනන්දි සෂිදරන්ට හා ටීඑන්ඒ නායකයින්ට එරෙහිව මුලතිව් උද්ඝෝෂණයක් Featured

    ජූනි 06, 2014

    එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකුව සිටි එලිලන් ඇතුළු කණ්ඩායම විසින් යුද්ධයේ අවසන් අදියරවලදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මේ වන තුරු කිසිදු තොරතුරුක් නොලද ළමයින්ගේ සහ අනෙකුත් සාමාජිකයින්ගේ දෙමාපියන් හා පවුල්වල ඥාතීන් 300ක් පමණ ආනන්දී සෂිදරන්ට හා දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට එරෙහිව ඊයේ (05) මුලතිව් හි උද්ඝෝෂණයක් පවත්වන ලැබූහ.


    මෙම විරෝධතාකරුවන් විසින් එලිලන් සෂිදරන් හා තවත් ටීඑන්ඒ දේශපාලනඥයින් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සිවාජිලිංගම්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්, තුරෙයිරාසා රවිකරන් හා ඇන්ටනි ජෙගනාදන්, ඇතුළුව තවත් 25 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් මුලතිව් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල පවත්වන ලද විරෝධතාවකට එරෙහිව එම පැහැරගෙන යන ලද දරුවන්ගේ ඡායාරූප රැගත් පුවරු හා සටන්පාඨ ඇතුළත් පුවරු රැගෙන ඉහත සඳහන් කළ උද්ඝෝෂකයින් එම ස්ථානය දක්වා ගමන් කරන ලදී.


    ආනන්දි සෂිදරුන් විසින් එලිලන් හා ඔවුගේ සාමාජිකයින් පිරිසකගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වවුනියාව උසාවියේ ගොනුකර තිබු නඩුව මුලතිව් අධිකරණය වෙත මාරු කිරීමෙන් පසු එයට සහය පළ කිරීම සඳහා ආනන්දි සෂිදරන් හා ටීඑන්ඒ නායකයින් ඇතුළු පිරිස විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.


    මෙම අවස්ථාවේදී එම ස්ථානයට එලිලන් විසින් පැහැරගෙන යන ලද දරුවන්ගේ හා ස්වාමිපුරුෂයින්ගේ ඡායාරූප රැගෙන ආ දරුවන්ගේ දෙමාපියන් හා ඥාතීන් ඇතුළු කණ්ඩායම ආනන්දි සෂිදරන් හා ටීඑන්ඒ නායකයින් ඇතුළු පිරිස වෙත පැමිණ තම අතුරුදහන් කරන ලද සාමාජිකයින් පිළිබඳව ඔවුන්ගෙන් කෑකෝ ගසමින් හා හැඬූ කඳුලින් යුතුව කරුණු විමසූහ.


    මෙම අවස්ථාවේදී දෙපිරිස අතර ඇති වු වාග් ප‍්‍රහාරයන් හේතුවෙන් තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුවද පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය පාලනය කිරීමට හැකිවිය. මෙහිදී පොලීසිය විසින් දෙපාර්ශවයටම සිය අදහස් පළ කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලදී.


    මෙම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් විසින් එලිලන් ඇතුළු කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද දරුවන්ගේ දෙමාපියන්ගෙන් ප‍්‍රකාශයක් ද ලබාගත් අතර එහිදී ඔවුන් විසින් ආනන්දි සෂිදරන් ටීඑන්ඒ දේශපාලඥයින් හා ඔවුන් සමඟ සිටි පිරිසට මෙම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් තදින් දෝෂාරෝපණය කරන ලද අතර ආනන්දි හා ඇගේ ස්වාමිපුරුෂයා වන එලිලන් වෙත චෝදනා එල්ල කරන ලදී.


    පසුගිය කාලයේදී උතුරේ අතුරුදහන් වුවන් පිළිබඳව මහත්සේ හඬ නැගු ආනන්දි සෂිදරන් නමැත්තිය තම ස්වාමිපුරුෂයා විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මෙම ළමුන් හා සෙසු පිරිස ගැන කිසිවක් කතා නොකිරීම හා ඒ කිසිවක් නොදන්නා සේ හිඳීම විමතියට කරුණක් වූ අතර මෙය ඇගේ හා ඈ වටා රැස්වී සිටි පිරිසගේ සැබෑ ස්වරූපය පෙන්නුම් කළ අවස්ථාවක් සේ සැලකිය හැකිය.

     

    Parents of missing children confront 20140605 08p1

    Parents of missing children confront 20140605 08p2

    Parents of missing children confront 20140605 08p4

    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya